හිරාන් ප්‍රියංකර ජයසිංහ සහ එච්. චන්දන
පුත්තලම අල් කාසිම් සිටි කොරෝනා ආසාදිතයාගේ පුතා ද ආසාදිතයකු බවට තහවුරු විමත් සමග මොහු ඇසුරු කල පිරිස් සොයා විශේෂ මෙහෙයුමක් අද (15) ආරම්භ කල බව පුත්තලම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එන් .සුරේෂ් මහතා පවසයි .
ඉන්දුනිසියා ආගමික කටයුතු සදහා සහභාගිවි පැමින නිවසේ නිරෝධායනයට යොමු කර සිටි 62 හැවිරිදි අදාල ආසාදිතයා පසුගිය දින වෛද්‍ය පරික්ෂණ වලින් සනාථ වි පසුගිය 7 දින අංගොඩ බෝවන රෝග විද්‍යාතනයට යොමු කර තිබුනී.
මොහු සමග මන්නාරම අවමංගලයකට සහභාගි වු 65 දෙදෙනෙකු සෞඛ්‍ය අංශ හා ආරක්ෂක අංශ මැදිහත් වි සිදුකල සෝදිසියකදි සෝයා ගෙන තිබු අතර ඉන් පසුව මොවුන් 9 දින රාත්‍රියේ මඩකලපුව පුනානි නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කර තිබිණි.
මේ සමගම ආසාදිතයාගේ නියෝජ්‍ය විදුහල්පතිවරයකු වන 38 හැවිරිදි වැඩිමහල් පුතා පුනානි නිරෝධායන මධ්‍යස්ථානයේ රදවා සිටියදි කොරෝනා ආසාධිතයකු ලෙසට වෛද්‍ය වාර්තා මගින් 14 රාත්‍රියේදී සනාථ වි තිබුනී.
මේ අනුව අදාල ආසාදිතයා ප්‍රථිකාර සදහා වැලිකන්ද රෝහල වෙත යොමු කර තිබේ .
මින් පසු 15 දින පුත්තලම සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිළධාරින් හා බුද්ධි අංශ හා පොලිස් නිළධාරින් එක්ව මෙම 38 හැවිරිදි ආසාදිතයා ඇසුරු කල පිරිස් සොයා විශේෂ මෙහෙයුමක් ආරම්භ කළ බව පවසයි.

(ඡායාරූපය - හිරාන් ප්‍රියංකර)

(ඡායාරූපය - එච්. චන්දන)

