අද ආසාදිතයෝ 2500 ඉක්මවති


(ඩයනා උදයංගනී සහ ළහිරු හර්ෂණ)

කොවිඩ් 19 වයිරස ආසාදිත තවත් 940 දෙනෙක් අද (9) වාර්තා වූහ.

ඒ මෙරටින් හඳුනාගත් ආසාදිතයින් 927 ක් හා විදේශවල සිට පැමිණි 13 ක් වශයෙනි.

ඒ අනුව අද දිනයේ වාර්තා වූ සමස්ත ආසාදිත සංඛ්‍යාව 2672 කි.

මෙම නව ආසාදිතයින් පිරිසත් සමඟ මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 1,25,906 ක් දක්වා ඉහළ ගොස් ඇත.