
කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි 765 දෙනෙකු සුවය ලබා අද (05) පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය කියයි.
ඒ අනුව, සුවය ලැබූ සමස්ත ආසාදිතයන් ගණන 6623 කි.
වැඩිම ආසාදිතයන් පිරිසක් සුවය ලබා පිටව ගොස් ඇත්තේ ගල්ලෑල්ල ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් වන අතර එම ගණන 149 කි.
තවදුරටත් 5540 දෙනෙක් රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටිති.
ශ්‍රී ලංකාවෙන් මේ වනවිට වාර්තා වන කොරෝනා ආසාදිතයන් ගණන 12187 ක් වන අතර, 24 දෙනෙකු මිය ගොසිනි.

