(නිමන්ති රණසිංහ)
පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු ඇතුලු සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීම ඕනෑකමින් නොකර හැරියැයි කියන සිද්ධියකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාගේ විදෙස් ගමන් තහනම් කරන ලෙසට කළ ඉල්ලීමකට අදාළ නියෝගය ලබන 23 වැනිදා ලබා දිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (20) තීරණය කළාය.
1978 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහයේ 136 (1) (අ) වගන්ති ප්‍රකාරව නිතීඥ ජගත් ජාලිය සමරසිංහ මහතා කළ පුද්ගලික පැමිණිල්ලක් සැලකිල්ලට ගත් අධිකරණය මෙලෙස දින නියම කළේය.
මරණීය දණ්ඩනය නියම වී සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා ඇතුලු සැකකරුවන් අට දෙනෙකු විසින් ස්වයංක්‍රීය ගිනි අවි, ජීව උණ්ඩ ඇතුලු පීඩාකාරී ආයුධ විශාල ප්‍රමාණයක් බැහැර කළැයි කියන සිද්ධියට අදාළව තවත් සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සිටියදී, ඔවුන් අත්අඩංගුවට ගන්නා ලෙසට 2015. 03. 04 සහ 2015. 06. 18 යන දිනවලදී අධිකරණ නියෝග නිකුත් වී තිබුණද සැකකරුවන් හිතාමතා අත්අඩංගුවට ගැනීම සිදු නොකළැයි නිතීඥවරයා සිය පැමිණීල්ලෙන් දක්වා ඇත.

