වසර 17කට පසු අළුත්කඬේ නීතීඥ සංගමයට සභාපතිවරියක්


(මනෝප‍්‍රිය ගුණසේකර)

අළුත්කඬේ මහෙස්ත‍්‍රාත් අධිකරණ නීතීඥ සංගමයේ නිලවරණයේදී 2019/2020 වර්ෂය සඳහා නව නිලධාරී මඩුල්ල නිතරඟයෙන් තේරී පත්වූ අතර වසර 17ක කාලයකට පසු කාන්තා නීතීඥවරියක එහි සභාපතිවරිය ලෙස තේරී පත්වීම විශේෂ සිදුවීමක් විය.

අළුත්කඬේ මහෙස්ත‍්‍රාත් අධිකරණ නීතීඥ සංගමයේ සභාපතිවරිය ලෙස නීතීඥ ප‍්‍රියදර්ශණී ඉලුක්පිටිය මහත්මියද , ලේකම්වරයා ලෙස නීතීඥ දිනේෂ් ගොඩගම මහතාද , භාන්ඩාගාරික ලෙස නීතීඥ දේශාන් විමලරත්න මහතාද නිතරඟයෙන් තේරී පත්වූහ.

උප සභාපතිවරුන් ලෙස නීතීඥවරුන් වන ජගත් අබේනායක මහතා  හා අනෝමා පියතුංග මහත්මියද , උප ලේකම් වශ්‍යයෙන් නීතීඥ නිසංසලා දිසානායක මහත්මියද , උප භාන්ඩාගාරික වශයෙන් නීතීඥ ඉනෝකා සෙනෙවිරත්න මහත්මියද තේරී පත්වූහ.

අළුත්කඬේ මහෙස්ත‍්‍රාත් අධිකරණ නීතීඥ සංගමයේ මෙවර නිලවරණයේ ප‍්‍රධාන තේරිම් බාර නිලධාරියා ලෙස නීතීඥ ඞී. එම්. සිරිවර්ධන මහතා කටයුතු කරන ලදී.