(සමන් විජය බණ්ඩාර)
බුදු පිළිමේ කැඩිමේ සිද්ධියේ සැකකරුවන් මාර්තු 13 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මාවනැල්ල මහෙස්ත‍්‍රාත් උපුල් රාජකරුණා මහතා අද 27 නියෝග කළේය.
මෙම සිද්ධියට අදාලව කෑගල්ල රක්ෂිත බන්ධනාගාරයේ සැකකරුවන් 13 දෙනෙකු රඳවා පොලිසිය සහ කොළඹ අපරාධ පර්යේෂණ දෙපාර්තමේන්තුව පරික්ෂණ සිදු කරයි.
මෙම සැකකරුවන් 13 දෙනා හැරුණු විට තවත් සැකකරුවන් 4 වනාතවිල්ලූව ප‍්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන ඔවුන් කොළඹ අපරාධ පර්යේෂණ දෙපාර්තමේන්තුව හරහා පරික්ෂණ මෙ වන විට ක‍්‍රීයාත්මක වෙයි.
5 වැනි සැකකරු රෝගාතුරු වි ඇති බව බන්ධනාගාර නිලධාරියෙකු විසින් මහෙස්ත‍්‍රාත්වරයාට දැන්විය.
එහිදි පොලිසිය මගින් ජනවාරි 20 වැනි දින අත්අඩංගුවට ගනු ලැබු පුත්තලම ප‍්‍රදේශයේදි අවි ආයුධ සමග කොටු වු තරුණයන් සිව් දෙනාගේ කටයුතු වලට යොදා ගත් බව කියන 2855 වෑන් රථයක් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණි.
පොලිසිය පැවසුයේ අදාල වෑන් රථය සැකකරුවන් විසින් වෙනත් පුද්ගලයෙකුට විකුණා තිබියදි කුරුනෑගල කැකුලගොල්ල ප‍්‍රදේශයේදි සොයා ගත් බවයි.
පසුගිය පෙබරවාරි 13 වැනි දිනයේ මෙම සිද්ධියේ නඩු විභාගයේදි අපරාධ පර්යේෂණ දෙපාර්තමේන්තුව මගින් මහෙස්ත‍්‍රාත්වරයාගෙන් ඉල්ලීමක් කරමින් කියා සිටියේ සිව් දෙනෙකුගේ බන්ධනාගාරයේදි ප‍්‍රකාශ සටහන් කර ගැනිමට අවශ්‍ය අවසරය අධිකරණය මගින් ලබා දෙන ලෙසයි.

එම නඩු දිනයේදි මහෙස්ත‍්‍රාත්වරයාගෙන් කොන්දෙසි හරහා එම අවසරය ලැබුණු අතර සැකකරුවන් වෙනුවෙන් පෙනි සිටි නිතිඥයින් දෙදෙනා විසින් අද 27 අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කරමින් කියා සිටියේ අපරාධ පර්යේෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් අදාල අවසරය ලැබිමෙන් පසුව සැකකරුවන්ගෙන් ප‍්‍රශ්න කිරිමේදි බැන තර්ජනය කර සිර ගත වි ඇති අයගෙන් ප‍්‍රශ්න කිරිම වැරදි සහගත වන ලෙස ඔවුන්ගේ මිනිස් අයිතින් වලට හානියක් වන ලෙස සිදු කර ඇති බවටයි.
මෙම අවස්ථාවේ මෙ සිද්ධියට අදාලව මාවනැල්ල නිතීඥ මණ්ඩලයම නැගිට සැකකරුවන්ට විරුද්ධව පෙනි සිටි අතර එහිදි අධිකරණයේදි නිතිඥයන් දෙපිරිස විසින් අධිකරණයට කරුණු වාර්තා කරන ලදි. ඒ අතර පොලිසිය, බන්ධනාගාරය කොළඹ අපරාධ පර්යේෂණ දෙපාර්තමේන්තුවෙන් පැමිණි නිලධාරින්ද විය.