(මනෝප‍්‍රිය ගුණසේකර)
මහාධිකරණ විනිසුරුවරුන්ගේ සංගමයේ 2019/2020 වර්ෂය සදහා නව නිලධාරී මඬුල්ලක් මහාධිකරණ විනිසුරුවරුන්ගේ සංගමයේ මහසභා රැස්වීමේදී පත් කර ගන්නා ලදී.
මහාධිකරණ විනිසුරුවරුන්ගේ සංගමයේ හිටපු සභාපති එස්.යු.බී. කරල්ලියද්ද මහතාගේ සහ එහි හිටපු ලේකම් මංජුල තිලකරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ මහාධිකරණයේ පැවැත්වු මහාධිකරණ විනිසුරුවරුන්ගේ සංගමයේ මහසභා රැස්වීමේදී 2019/2020 වර්ෂය ස`දහා එලෙස නව නිලධාරී මඬුල්ලක් පත් කර ගන්නා ලදී.
සභාපති සම්පත් අබේකෝන්, උප සභාපති ශෂි මහෙන්ද්‍රන්, ලේකම් ආදිත්‍ය පටබැ`දිගේ, උප ලේකම් සුජීව නිශ්ශංක,භාණ්ඩාගාරික මොහොමඞ් ඉර්ෂඞීන්,සංස්කාරක නවරත්න මාරසිංහ යන අය එලෙස පත් කර ගන්නා ලද නව නිලධාරී මඩුල්ල ය.
ගිහාන් කුලතුංග, මංජුල තිලකරත්න, ප‍්‍රදීප් හෙට්ටිආරච්චි, දමිත් තොටවත්ත, එම්. ඉලන්චේලියන්, මොහොමඞ් සහාබ්දීන්,ආර්. කන්නන්, ගිහාන් පිලපිටිය, ජයකි ද අල්විස් මිය සහ කුමාරි අබේරත්න මිය සංගමයේ කටයුතු පහසු කර ගැනීම ස`දහා පත් කර ගන්නා ලද සාමාජිකයින් දස දෙනෙකුගෙන් සමන්විත විධායක කමිටුවට අයත් වේ.

