(නිමන්ති රණසිංහ)
මරණීය දණ්ඩනය නියමවූ සිරකරුවන් පස් දෙදෙනකු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජීවිතයට තර්ජනයක් සිදු කිරීමට කුමන්ත්‍රණය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් බන්ධනාගාරය වෙත ගොස් ප්‍රකාශ ලබා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දෙන ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (20) වැලිකඩ සහ අගුණකොලපැලැස්ස බන්ධනාගාර අධිකාරිවරුන් වෙත නියෝග කළාය.
බුද්ධි තොරතුරු වලට අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවත්, එහි වැඩිදුර පරීක්ෂණ සඳහා අදාළ සිරකරුවන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගත යුතුව ඇති බැවින් ඒ සඳහා අවසර ලබා දෙන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂක රවීන්ද්‍ර විමලසිරි මහතා අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව මෙම නියෝග නිකුත් කෙරිණී.

