- මෙවර ප්‍රදර්ශනයට ප්‍රදර්ශකයන් 250 කට අධික සංඛ්‍යාවක්
භානුක අමරසිංහ
ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය (SLTPB) සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන ක්‍රියාකරුවන්ගේ සංගමය (SLAITO) එක්ව සංවිධානය කරනු ලබන “සංචාරක උදාව 2025“ සංචරණ සහ සංචාරක ප්‍රදර්ශනය ලබන මැයි 23 සහ 24 දෙදින තුළ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණශාලා පරිශ්‍රයේ පිහිටි සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන ශාලාවේදී පැවැත්වීමට නියමිතව තිබේ.
එහි සංවිධායකයන්ගේ ප්‍රධානත්වයෙන් මේ පිළිබඳව පැවැත්වුණු මාධ්‍ය හමුවකදී මේ පිළිබඳව කරුණු අනාවරණය කෙරිණී. ඒ අනුව මෙවර ප්‍රදර්ශනය සඳහා ප්‍රදර්ශකයන් 250 කට අධික සංඛ්‍යාවක් සහභාගි වන බව SLAITO හි සභාපති නලින් ජයසුන්දර මහතා එහිදී සඳහන් කළේය. මෙහිදී අදහස් දක්වා සිටි SLTPB හි සභාපති බුද්ධික හේවාවසම් මහතා, සංචාරකයන් මිලියන 3ක ඉලක්ක සම්පූර්ණ කරගැනීම සඳහා මෙවැනි ඉසව් සංවිධානය වීම වැදගත් බව පවසා සිටියේය.