‘ලංකා ආර්ථිකයට හොඳයි‘


ශ්‍රී ලංකාවේ ආර්ථීකය 2013 - 2014 කාලසීමාවේදී සැළැකිය යුතු වර්ධනයක් අත්කර ගනු ඇතැයි ආසියා  සංවර්ධන බැංකුව මත පළ කරයි.

ආසියා  සංවර්ධන බැංකුවේ ‘2013 වසර සදහා විමසුම‘වාර්තාවේ මේ බැව් සදහන් වේ.

වාර්තාවට අනුව ශ්‍රීලංකාව ඉදිකිරීම් හා සේවා සැපැයුම් ක්ෂේත්‍ර වල ඉහළ වර්ධනයක් පෙන්වයි.එහෙත්
ඒවායින් රටට ලැබිය යුතුව තිබූ ප්‍රතිලාභ නොලැබී ගොස් ඇත්තේ ගෝලීය ආර්ථීක අර්බුදය හමුවේ රජයට ගැනීමට සිදුව ඇති පියවරයන් නිසාය.කෘෂිකර්මාන්තයෙන්ද මෙවර වැඩි දායකත්වයක් ලැබී නොමැත.ඊට හේතුව ලෙස වාර්තාවේ සදහන් වන්නේ නියග හා ගංවතුර තත්ත්ව නිසාවෙන් වගා විනාශ වීමයි.

පෙර ශ්‍රීලංකා ආර්ථීකයට ඉහළ දායකත්වයක් සැපැයූ ඇගලූම් කර්මාන්තයේද කඩා වැටීමක් මේ වාර්තාවේ පෙන්වයි.ඊටද හේතුව ලෙස දැක්වෙනුයේ ගෝලීය ආර්ථීක අර්බුදයයි.

මේවා හමුවේ රජයටද නිකම් සිටීමට බැරියැයි වාර්තාවේ සදහන්ය.වඩා හොද බදු පද්දතියක් ස්ථාපිත කිරීම”ප්‍රායෝගික මුූල්‍ය කළමණාකරණ සැළැසුම් සැකැසීම ඇතුලූ වගකීම් රාශියක් රජය මත පැවැරී ඇත.

මේ තත්ත්වය ක්‍රමයෙන් යහපත් අතට හැරනු ඇතැයි ආසියානු සංවරධන බැංකුවේ අපේක්ෂාවයි.එවිට ඉහළ ආර්ථීක වර්ධන වේගයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකිවනු ඇත.