‘පීපල්ස් ඩෙබිට් කාඩ් ගෙදරටම තෑගි’ දෙවැනි අදියරේ සුපිරි ජයග්‍රාහකයන්ට තිළිණ පිරිනැමේ





මහජන බැංකුවේ ‘පීපල්ස් ඩෙබිට් කාඩ් ගෙදරටම තෑගි’ දිනුම් ඇදීමේ දෙවැනි අදියරේ (2025 මාර්තු - මැයි) සුපිරි ජයග්‍රාහකයන් තිදෙනාට හිමි තිළිණ පිරිනැමීම පසුගියදා සිදුකෙරිණි. ඒ අනුව හොරණ පදිංචි එස්. ඩී. ආර්. එන්. සෙනෙවිරත්න මහතාට රුපියල් 1,000,000/-ක්, කෑගල්ලේ පදිංචි ටී. ටි. එස්. ඒ. මුනිදාස මහතාට රුපියල් 500,000/-ක් සහ මුල්ලේරියාවේ පදිංචි ඩබ්ලිව්. ඒ. එස්. ශිරෝමි මහත්මියට රුපියල් 250,000/-ක් වටිනා ගෘහ විදුලි උපකරණ පිරිනැමිණි. මෙම තිළිණ ඔවුන්ගේ නිවෙස්වලටම ගොස් පිරිනැමීමට මහජන බැංකුවේ කාඩ්පත් මධ්‍යස්ථානය කටයුතු යොදා තිබිණි. 

මීට අමතරව මාසික දිනුම් ඇදීම්වල ජයග්‍රාහකයින් 150කට රුපියල් 25,000ක් වටිනා සුපිරි වෙළඳසල් වවුචර් පත් 150ක් පිරිනැමීමට මහජන බැංකුව කටයුතු කරන ලදී.

මේ අවස්ථාවට මහජන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනි (ගෙවීම්, ක්‍රියාවලි කළමනාකරණ හා තත්ත්ව ආරක්ෂණ) නිල්මිණි ප්‍රේමලාල්,  කාඩ්පත් ප්‍රධානි ජයනාත් ඩයස් යන මහත්ම මහත්මින් ඇතුළු ප්‍රාදේශිය කළමනාකරුවන්, කාඩ්පත් මධ්‍යස්ථානයේ කළමනාකරුවන් සහ ශාඛා කළමනාකරුවන් ඇතුළු බැංකු නිලධාරිහු සහභාගි වූහ. 

මහජන බැංකුවේ ‘පීපල්ස් ඩෙබිට් කාඩ් වෙතින් ගෙදරටම තෑගි’ දිනුම් ඇදීම 2025 මාර්තු 01 වැනිදා සිට මැයි 31 දක්වා ක්‍රියාත්මක වූ අතර, මේ තුළින් පිරිනැමෙන මුළු තිළිණවල වටිනාකම රුපියල් 5,500,000කි.