ජනතාවට නීතිය වඩා හොඳින් අවබෝධ කරගැනීම සහ නීතියේ සහය ලබා ගැනීමේ හැකියාව වැඩිදියුණු කිරීම උදෙසා නිර්මාණය කරනු ලබන නීති ආධාර සහ දැනුවත් කිරීමේ කඳවුර යුරෝපා සංගමය විසින් අරමුදල් සපයන, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) සහ යුනිසෙෆ් (UNICEF) ශ්‍රී ලංකා එක්ව, අධිකරණ අමාත්‍යාංශයේද සහාය ඇතිව ක්‍රියාත්මක කරන යුක්තිය සඳහා සහාය ව්‍යාපෘතිය (JURE), ‘Know Your Neethi’ යන තේමාව යටතේ නීති ආධාර සහ දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක පළමුවැන්න, බදුල්ල දිස්ත්‍රික්කයේදී ආරම්භ කිරීමට කටයුතු සූදානම් කර ඇත.
2025 අගෝස්තු 1 සහ 2 යන දෙදින බදුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන මෙම වැඩසටහනෙන් ප්‍රදේශවාසී සියලු දෙනාට නොමිලේ නීති උපදෙස් ලබා ගැනීමට, රජයේ ආයතන සමග සම්බන්ධ වීමට, නීතිය පිළිබඳව දැනුවත් කරන විවිධ ක්‍රියාකාරකම් සදහා සහභාගී වීමට මෙමගින් අවස්ථාව උදාවනු ඇත.
නීතියේ සහය ලබා ගැනීමට ඇති හැකියාව වැඩිදියුණු කිරීම සහ නීතිමය දැනුවත්භාවය වර්ධනය කිරීම මෙම කඳවුරේ ප්‍රධාන අරමුණයි. විශේෂයෙන් කාන්තාවන්, ආබාධ සහිත පුද්ගලයන්, සුළු ජනවාර්ගික කණ්ඩායම් සහ අවම පහසුකම් සහිත පුද්ගලයන් වෙනුවෙන් නීතිමය සේවා සැපයීම අරමුණු කරගනිමින් මෙම වැඩසටහන නිර්මාණය කර ඇත.