වේගයෙන් වර්ධනය වන වායුසමීකරණ යන්ත්‍ර බෙදා හැරීම් සහ සේවා සමාගමක් වන AC Mahagedara පෞද්ගලික සමාගම Diamond Excellence 2025 සම්මාන උළෙලේදී වායුසමීකරණ යන්ත්‍ර බෙදා හැරීම සහ සේවා නව්‍යකරණය සඳහා වන විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලැබීය. සමාගමේ නිර්මාතෘ සහ කළමනාකරණ අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරී ගයාන් බුද්ධික මහතා වෙත සම්මානය පිරිනමන ලදී.
2023දී ආරම්භ වූ AC Mahagedara වර්තමානයේදී වායුසමීකරණ වෙළෙඳපොළේ ප්‍රමුඛයකු වී තිබේ. වසර දෙකක් වැනි කෙටි කාලයකින් එම සමාගම සමග ගනුදෙනු කරන පාරිභෝගිකයන් සංඛ්‍යාව 10,000 ඉක්මවා ඇත. සියලුම ප්‍රධාන පෙළේ සන්නාම යටතේ එන වායුසමීකරණ යන්ත්‍ර දිවයින පුරා බෙදා හැරීම සහ සවි කිරීම ඔවුන් වෙතින් ගත හැකි සේවා අතර ප්‍රධාන වේ.
AC Mahagedara කොළඹ සහ ඒ අවට ශාඛා තුනකුත්, මහනුවර එක් ශාඛාවකුත් පවත්වා ගෙන යයි. මේ වසර අවසානය වන විට අනුරාධපුර, කුරුණෑගල සහ ගාල්ලේ ශාඛා විවෘත කිරීමට සැකසුම් කර ඇත. ඔවුන් යටතේ තවත් වායුසමීකරණ යන්ත්‍ර බෙදා හැරීමේ සමාගම් තුනක් ක්‍රියාත්මක වේ. එම ආයතනවලට අනුබද්ධ සේවක පිරිස 150කට අධිකය. ඔවුන් වෙතින් නිවාස, හෝටල්, කාර්යාල සහ ව්‍යාපාර ස්ථාන වැනි ඕනෑම පරිශ්‍රයක දිනක් තුළ වායුසමීකරණ යන්ත්‍ර සවි කරවා ගත හැකිය.