
නොබෝදා ගැසට් පත්‍රයකින් ප්‍රසිද්ධියට පත් කරනු ලැබූ "ශ්‍රී ලංකා මාධ්‍ය වෘත්තිකයන්ගේ වරලත් ආයතනයේ, " කෙටුම් පත්‍රයේ ගුණාත්මක බව සම්බන්ධයෙන් මගේ සිතට නැගුණේ පිළිකුල් සහගත තැතිගැන්මකි. එහි අර්ථ නිරූපණ අංශය ඉතා පටු මෙන්ම දෝෂ සහගතය. එයින් අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු සහ කාර්ය මණ්ඩලයකින් හෙබි සංවිධානයක් නිර්මාණය කරනු ලබන අතර ඒකාබද්ධ අරමුදලට ප්‍රවේශ වීමේ හැකියාවක් ඊට නැත. අනෙකුත් මූලාශ්‍රවලින් ලබාගත් අරමුදල් භාවිත කොට ගොඩනැගෙන මූලික අරමුදලක්ද ඊට නැත. මුල් සැලැස්ම, වරලත් සාමාජිකයන්ගෙන් පත් කරගන්නා පාලක මණ්ඩලයකින් සහ විනය කමිටු වලින් සමන්විත වේ. එහෙත් එම සාමාජිකයන් කවුරුන් වේද, සාමාජිකයන්ගෙන් අය කර ගන්නා ගාස්තු, සහ විභාගයකින් සාමාජිකත්වය ලබාගන්නට කැමැති අයගෙන් අය කරගන්නා ගාස්තු මූලික ආදායම් මූලාශ්‍රය වේද යන්න සම්බන්ධයෙන් ද එහි වක්‍රව හෝ කිසිදු කාරණයක් සඳහන් වී නැත.
එහෙත් කෙටුම්පත ගැසට් පත්‍රයක් මගින් ප්‍රසිද්ධියට පත් කර ඇත. දැන් විමසා බැලිය හැකි එකම ප්‍රශ්නය වන්නේ, එය ව්‍යවස්ථාවට අනුකූලවේද යන්න පමණකි. එය සැලසුම් රටාවක්, සංකල්ප පත්‍රිකාවක් හෝ ධවල පත්‍රිකාවක් ලෙසින් ප්‍රසිද්ධියට පත් කර තිබුණේ නම්, එය දැනුවත් ජනයාගේ ආදානවලින් වැඩි දියුණු කරගන්නට ඉඩ තිබිණි. අනිවාර්යයෙන්ම නිවැරදි විය යුතුව තිබුණු දෝෂ බොහෝවක් එවිට පෙන්වා දිය හැකිව තිබිණි. වසරකට වරක් බදු ගෙවන්නන්ගේ ශ්‍රී ලංකා රුපියල් මිලියන 53 බැගින් කාබාසිනියා කරන අතර කිසිදු ඵලදායී කාර්ය සාධනයක් ඉටු නොකරන මුත්, ගොඩනැගිලි ඉඩ කඩ අසුරාගෙන, තිබෙන ශ්‍රී ලංකා පුවත්පත් කොමිසම වැනි අකාර්යක්ෂම, ආයතනයක් ගොඩනැගෙන්නට යන්නා සේ දැන් පෙනී යයි.
කෙටුම්පතේ බොහෝ දෝෂ තිබෙන මුත්, වඩාත් සරලව දැක්වීම සඳහා, මුදල් කෙරෙහි අවධානය යොමු කරමු.
කෙටුම්පතේ ලේඛනගත කොට ඇති, ක්‍රියාකාරකම්, උදෙසා මුදල් සම්පාදනය සිදුවන ආකාරය ගැන මෙය කෙටුම්පත් කර ඇති අය කෙසේ සිතා සිටිත්ද?
"16(2) ආයතනයේ අර මුදලට ගෙවිය හැකිය
A ආයතනයේ ක්‍රියාකාරකම් කාර්ය සාධනයන්, සහ එහි බල තල විසර්ජනය කිරීම ඔස්සේ, මෙම පනත යටතේ ආයතනයේ ක්‍රියාකාරකම් ඉටුකිරීමෙන් ලැබිය හැකි සියලුම මුදල් සහ
B ශ්‍රී ලංකාව තුළ හෝ ශ්‍රී ලංකාවෙන් පිටත මූලාශ්‍රයන්ගෙන් ලැබෙන ත්‍යාග ප්‍රදාන සහ මූල්‍යාධාර ආකාරයෙන් ආයතනයට ලැබෙන සියලුම මුදල්, 4 වැනි කොටසේ, (n) උප ජේදයේ සඳහන් විධිවිධානයන්හි නියමයන්ට යටත් වන්නේය.
මෙයින් පෙනී යන්නේ මෙය, 1959 අංක 23 දරන පනතෙන් ගොඩනැගූ ශ්‍රී ලංකා වරලත් ගණකාධි කාරී ආයතනයට මෙය සමාන වේ යැයි ඔවුන් සිතු බවය. එනම් විභාග පැවැත්වීමෙන් සහ සහතික පත් ප්‍රදානය කිරීමෙන් ගොඩනැගූ මුදල්වල පිහිනන්නාක් මෙනි. එවැනි විශ්වාසවන්ත භාවයක් නොමැතිව ගණකාධිකාරීවරුන්ගේ ක්‍රියාකාරකම් අයකුට ඉටුකළ නොහැකිය. එම නීතියෙන් වෙෙළඳපොළක් නැතහොත් ඒකාධිකාරියක් නිර්මාණය වන අතර එයින් ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයට ආදායම් නිර්මාණය වන්නේය. පහළම මට්ටමේ අය වැඩි ලාබ නොලැබුවද, ගණකාධිකරණය ලාභ උපයන වෘත්තියක් වග සුප්‍රසිද්ධ කරුණකි.
පුවත්පත් ආයතන වැසී යන, රූපවාහිනි ආයතන, දේශපාලන බලපෑම් මත නිරර්ථක ලෙස පවත්වාගෙන යන ප්‍රාග්ධනය මත ප්‍රතිලාභ නොලබන කාලයක මෙම තර්කය මාධ්‍ය වෘත්තියට අදාළ කර ගත හැකිද? ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය නිකුත් කරන l ලද අක්තපත්‍ර නොමැති පුද්ගලයන් අන්තර්ගත නිර්මාණකරුවන් ලෙස කටයුතු කිරීම තහනම් කිරීමෙන් ඒකාධිකාරිය නිර්මාණය නොවන්නේ නම්, යෞවනයන් සිය දෙමාපියන් විසින්, දිරිමත් කරන ලදුව, ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය මුදල් උපයා ගන්නවා මිස ඊට වෙනත් ආකාරයකින් මුදල් උපයා ගත නොහැකි වන්නේය. Youtube නාලිකා හිමිකරුවන් පුවත්පත්වල පාඨක පිරිසට වඩා වැඩි ප්‍රේක්ෂක සංඛ්‍යාව ඇති, පුවත්පත්වලට වඩා ආදායම් ලබන මේ කාලයේ, එය නගින්නට අසීරු කන්දක් වනු ඇත. මෙම පනතෙන් (සංශෝධනයක් ඔස්සේ එවැනි උත්සාහයක් ගත හැකි වුවද) ඒකාධිකාරියක් හෝ දැඩි සීමා පැනවීමක් නිර්මාණය කිරීමට අපේක්ෂා නොකිරීම කෘතඥතාව පළකර යුතු කාරණයකි. එම නිසා ආදායම් මූලාශ්‍රය ඉතා බිඳෙන් බිඳ උපයා ගත හැකි වන්නක් වැනිය.
මූල්‍ය විනය ගැන සැලකිලිමත් වී ඇති බැවින්, ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය සඳහා වූ පනත තුළ ඒකාබද්ධ අරමුදලෙන් මුදල් ලබා ගැනීමට ප්‍රතිපාදන නොමැත. ඒකාබද්ධ අරමුදලින් ආයතන වලට මුදල් ලබාදීමේ පූර්වාදර්ශයන් දක්නට ඇත.එසේ වුවද ඊට අදාළ නීතියෙන් ඊට හැකියාව ලබාදී නොමැත.
2005 අංක 23 දරන ශ්‍රී ලංකා ආපදා කළමනාකරණ පනතේ 17 වැනි වගන්තියේ මෙසේ සඳහන් වේ.
මණ්ඩලයට එයට අයත් අරමුදලක් තිබිය හැකිය. මණ්ඩලයේ අරමුදලට පහත සඳහන් ආකාරයෙන් මුදල් බැර කළ හැකිවේ.
A මණ්ඩලයේ ආරම්භක ප්‍රාග්ධනය ලෙස ඒකාබද්ධ අර මුදලින් මුදල් ලබාගත හැකිය.
Bමණ්ඩලය විසින් ලබන එවැනි සියලු මුදල් එහි ක්‍රියාකාරකම් ඉටුකිරීමට: සහ
C මණ්ඩලය විසින්, ශ්‍රී ලංකාව ඇතුළතින් හෝ පිටතින්, ණය ප්‍රදානයන්, ත්‍යාග, සහ වෙනත් කුමන හෝ නීත්‍යානුකූල මූලාශ්‍ර වෙතින් ලබන්නා වූ සියලුම මුදල් ප්‍රමාණයන්"
17(1) වගන්තියේ විශේෂයෙන් සඳහන් ආකාරයට මණ්ඩලයේ ආරම්භක ප්‍රාග්ධනය ලෙස ඒකාබද්ධ අරමුදලින් මුදල් ලබනු විනා ඒ හැරුණු කොට වාර්ෂික වෙන්කිරීම් උදෙසා එහි විධිවිධාන නොමැති වුවද,
2026 දී ආපදා කළමනාකරන මධ්‍යස්ථානයට, රුපියල් මිලියන 393 ක් වෙන් කරන ලද අතර එයින් රුපියල් මිලියන 285 ක් වැටුප් සඳහා වෙන් කරන ලද මුදල් වූයේය. ඒ ආකාරයට නිර්මාණය කරන ලද ආයතන නඩත්තු කිරීමට පනතට පිටින් නීති ක්‍රියාත්මක වේ. ඒ පාර්ලිමේන්තුව දෝෂ සහගත නීති ක්‍රියාත්මක කළ බැවින්ය.
ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතන පනතේ 16(2)(b) හි සඳහන් වන්නේ,
ආයතනය විසින් ත්‍යාග ප්‍රදාන මූල්‍යාධාර සහ උරුමයන් ලෙස ශ්‍රී ලංකාවට පිටතින් හෝ ශ්‍රී ලංකාව තුළින් ලබන්නා වූ එවැනි මුදල් ,යනුවෙනි.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අපේක්ෂාව එවැන්නක් විය, මන්දයත් 2004 ඉන්දියානු සාගරයේ ඇති වූ සුනාමිය හේතුකරගෙන උත්පාදනය වූ අනුකම්පාව නිසා මුදල් ප්‍රවාහ අපදාකළමනාකරණ මධ්‍යස්ථානයේ ව්‍යාපෘති වෙත ගලා ආයේය. එහෙත් වැටුප් ගෙවීමට සහ පුණරාවර්තන වියදම් උදෙසා මුදල් ලැබුණේ නැත
මාධ්‍ය කර්මාන්ත යේ අඩපණ වූ ආර්ථිකය උදෙසා දේශීය වශයෙන් මූල්‍යාධාර ලැබෙන සෙයක් පෙනෙන්නට නැත. අයකුට බලාපොරොත්තු විය හැක්කේ විදේශකයන්ගෙන් ලැබෙන පුණ්‍යාධාර පමණකි.
- නීති සම්පාදන ක්‍රියාදාමය ප්‍රතිසංස්කරණය කළ යුතුය
බදු ගෙවන්නන්ගේ අරමුදල් ක්‍රියාකාරී නොවන නීති සම්පාදන කෙටුම්පත් කිරීම සඳහා වැය කර තිබේ. මෙම නිස්සාර දෑ මුද්‍රණය කිරීමට කඩදාසි සකස් කරනු වස් ගස් කපා දැමීමද අපරාධයකි. පලක් නැති නීති කෙටුම්පත් ගැන කතා කිරීමෙන් අපගේ කාලය පවා නාස්ති වී ඇත. එම නිසා යම් වෙනසක් විය යුතුවේ.
නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව නැවත සකස් කිරීම හෝ කෙටුම්පත් කරන්නන්ගේ නිපුණතා වර්ධනය පිණිස නීති අධ්‍යාපනය නැවත සැලසුම් කරන ලෙස මම යෝජනා නොකරමි. එවැනි දේ කළ හැකි නම් මැනවි.එහෙත් නීති කෙටුම්පත් කරන ක්‍රියාදාමය අවම වශයෙන් වෙනස් විය යුතුය.
මහජනතාවගේ සහ ඒ සඳහා උනන්දුවන්නන්ගේ ආදාන ලබාගත හැකි ආකාරයට ඒවා ක්‍රියාකාරී ලෙස කල් තබා කෙටුම්පත් කර ධවල පත්‍රිකා ලෙස ප්‍රසිද්ධියට පත් කිරීම අනිවාර්ය කරන්නේ නම් මැනවි.ලැබුණු ආදාන පදනම් කරගෙන ක්‍රියාකාරී නීති සම්පාදනයක් කළ යුතුවේ. දැනට අනුගමනය කරන ක්‍රියාදාමය තුළ මැදිහත් වීම වළක්වා, අදහස් බෙදා හදා ගැනීම අසාර්ථක වී ඇත. ඒ වෙනුවට වෙනත් ක්‍රමයක් අනුගමනය කළ යුතුවේ.


