හිටපු විගණකාධිපති කාර්ගිල්ස් අධ්‍යක්ෂ මණ්ඩලයට



භානුක අමරසිංහ


කාර්ගිල්ස් (සිලෝන්) පීඑල්සී සමාගමේ නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස චූලන්ත වික්‍රමරත්න මහතා පත් කරගත් බව එම සමාගම පවසයි. ඒ අනුව සමාගමේ ස්වාධීන, විධායක නොවන අධ්‍යක්ෂවරයකු ලෙස ඒ මහතා පත් කරගෙන තිබේ. 

වසර 30 කට අධික කාලයක් රාජ්‍ය අංශයේ මූල්‍ය, විගණන, පාලන සහ ආයතන ප්‍රතිසංස්කරණ තුළ වසර 30 කට අධික කාලයක අත්දැකීම් සහිත ජ්‍යෙෂ්ඨ වෘත්තිකයකු ලෙස ඒ මහතා සැලකෙයි. වික්‍රමරත්න මහතා 2019 සිට 2025 අප්‍රේල් මාසය දක්වා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ විගණකාධිපති ජනරාල්වරයා ලෙසින්ද කටයුතු කළේය.