හම්බන්තොට ජාත්‍යන්තර වරායෙන් බහාලු‍ම් හැසිරවීමේ නව වාර්තාවක්


‘MSC මාරි ලෙස්ලි’ බහාලු‍ම් නෞකාව බහාලු‍ම් 7,968ක් මෙහෙයවමින් සමස්ත TEU 13,260 ක් වාර්තා කරලා


හම්බන්තොට ජාත්‍යන්තර වරායට (HIP) පසුගිය දා පැමිණි ‘MSC මාරි ලෙස්ලි’ බහාලු‍ම් නෞකාවේ සාර්ථක හැසිරවීමත් සමග, මෙතෙක් එක් නෞකාවකින් හසුරුවා ඇති ඉහළම බහාලු‍ම් පරිමාව වාර්තා කිරීමට වරාය සමත් විය. මෙම ජයග්‍රහණය, බහාලු‍ම් බඩු තොග සඳහා කලාපයේ නැගී එන මධ්‍යස්ථානයක් ලෙස HIP හි ස්ථාපිතය තවදුරටත් ශක්තිමත් කරයි. 

මෙඩිටරේනියන් නැව් සමාගම (MSC) විසින් ක්‍රියා කරවන මෙම නෞකාව, 2026 අප්‍රේල් 11 සිට 15 දක්වා හම්බන්තොට ජාත්‍යන්තර වරායේ රැඳී සිටි අතර, එම කාලය තුළ බහාලු‍ම් 7,968ක් මෙහෙයවමින්, සමස්ත TEU 13,260ක පරිමාවක් HIP විසින් වාර්තා කර ඇත. මේ දක්වා, එක් නෞකාවක් සඳහා HIP විසින් හැසිරවූ ඉහළම බහාලු‍ම් පරිමාව ලෙස මෙය සැලකේ.

මෙම නවතම සන්ධිස්ථානය, මාර්තු මාසයේ වරාය වෙත පැමිණි MSC ඉලෙනියා සහ MSC රූබි යන බහාලු‍ම් නෞකා සඳහා හැසිරවූ පිළිවෙළින් TEU 12,957 සහ TEU 11,369 යන පරිමා ඉක්මවයි. ස්ථීර ලෙස ඉහළ යන වරායේ බහාලු‍ම් හැසිරවීමේ ප්‍රවණතාව මෙයින් සනාථ වෙයි.

‘MSC මාරි ලෙස්ලි’ මෙහෙයුම HIP හි කාර්යක්ෂමතාව මෙන්ම ඉහළ පරිමා රැගත් නෞකා කළමනාකරණය කිරීමේ හැකියාව පිළිබිඹු කරන බව වරාය නිලධාරීහු සඳහන් කරති.

03 වැනි පිටුවට....