සිලෝන් ප්‍රින්ටර්ස් පීඑල්සී සිය නම වෙනස් කරයි


භානුක අමරසිංහ 


කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත සිලෝන් ප්‍රින්ටර්ස් පීඑල්සී සමාගමේ නම Kemer Haus Global Solutions PLC  ලෙස වෙනස් කිරීමකට ලක් කළ බව එම සමාගම පවසයි. ඒ අනුව 2025 අගෝස්තු 18 වැනිදා සිට බලාත්මක වන පරිදි අදාළ වෙනස් කිරීම සිදු කර තිබේ. මෙහිදී ඊට අදාළව සමාගම් රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා විසින් අදාළ සහතිකයද නිකුත් කර ඇතැයි සමාගම පවසයි.  
CT Holdings PLC සමාගමේ සියයට 19.79ක තනි වැඩි කොටස් හිමිකාරිත්වයක් පැවැති සිලෝන් ප්‍රින්ටර්ස් පීඑල්සී සමාගමේ සියයට 63.62ක හිමිකාරීත්වයක් මෙම වසරේදී අත්පත් කරගනිමින්EKTA Global Pte Ltd  සමාගම තනි විශාලතම කොටස් හිමිකරුවා බවට පත්වීමෙන් අනතුරුව මෙලෙස නම් වෙනස් කිරීමක් සිදු කර තිබේ.  
මෙමEKTA Global Pte Ltd  සමාගම ෆින්ටෙක්, ඉ-වානිජ සහ ඩිජිටල් තාක්ෂණ අනුවර්තන කටයුතු සම්බන්ධ සමාගමක් ලෙස සැලකෙයි. වාණිජ මුද්‍රණ ක්‍රියාකාරකම්හි නිරත සිලෝන් ප්‍රින්ටර්ස් පීඑල්සී සමාගම මෙරට වෙතATM කාඩ්පත්, ක්‍රෙඩිට් කාඩ්පත් සහ පින් අංක අඩංගු ලිපි          ආනයනය සහ අලෙවිය හා සම්බන්ධ සමාගමකි.