
සැප්තැම්බර් මාසයේදී කොළඹ නගරයේ උද්ධමන අනුපාතය සියයට 1.5ක අගයක් ගත් බව ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව මෙය අගෝස්තු මාසයේදී වාර්තා කළ සියයට 1.2 ක උද්ධමන අනුපාතය හා සැසඳීමේදී කොළඹ නගරය ආශ්‍රිතව උද්ධමනයේ ඉහළ යාමක් ලෙස සටහන්ව තිබේ. මෙහිදී ආහාර කාණ්ඩයේ උද්ධමනය අගෝස්තු මාසයේදී පැවැති සියයට 2.0 ට සාපේක්ෂව සැප්තැම්බරයේදී සියයට 2.9ක් දක්වා ඉහළ ගොස් තිබේ. එසේම ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය අගෝස්තුවේදී පැවැති සියයට 0.8ට සාපේක්ෂව සැප්තැම්බරයේදී සියයට 0.7 ක් දක්වා පහත වැටී තිබේ.

