සම්පත් බැංකුවේ නව කළමනාකාර අධ්‍යක්ෂ සංජය ගුණවර්ධන


සම්පත් බැංකුවේ නව කළමනාකාර අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස සංජය ඩයස් ගුණවර්ධන මහතා ඊයේ (24) සිට ක්‍රියාත්මක වන පරිදි පත් කරගත් බව එම බැංකුව පවසයි. මෙතෙක් කලක් එම ධුරය හෙබවූ අයෝධ්‍යා ඉද්දවෙල මහත්මිය පෙරේදා (23) දිනයේ සිට සිය ධුරයෙන් විශ්‍රාම යෑමත් සමගින්ම මෙම නව පත් කිරීම කර තිබේ. 

බැංකු ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු වන සංජය ගුණවර්ධන මහතා වසර 35කට ආසන්න කාලයක් සම්පත් බැංකුවේ සේවය කර තිබේ. මෙම පත් වීම ලබන අවස්ථාව වන විට ඒ මහතා සම්පත් බැංකුවේ ප්‍රධාන ක්‍රමෝපායික නිලධාරී (ජ්‍යෙෂ්ට නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි) වරයා ලෙස කටයුතු කළේය. ඊට පෙර ඒ මහතා බැංකුවේ ක්‍රමෝපායික සැලසුම්, සිල්ලර බැංකුකරණ සහ තොරතුරු තාක්ෂණ යන අංශ තුළ ඉහළ තනතුරු හොබවා තිබේ.