

ස්වභාවය මෙසේ තිබිය දී රට ගොඩනගන්නට බද්දක් පනවන්නට තීරණය කරනන්ට ඉඩ තිබේ. ජීවිත අහිමිවීම් දේපොල විනාශ වී සිටින පිරිසකට තවත් බද්දක් පනවා ඒවා ගොඩනැගීමට සහනයක් සැපයීමට ආණ්ඩුවේ විශේෂඥයන් අදහස් කළහොත් එය සාමාන්‍ය ජනතාවට තවත් ගැහැටකි. ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව දක්වන පරිදි ගෘහ ඒකකයක වියදම් දරුණු ලෙස ඉහළ ගොස් ඇත. උද්ධමනය නැවතත් ඉහළ නැගෙමින් තිබේ. ඉදිරියේ දී ඉන්ධන හා විදුලිය ගාස්තු සංශෝධනයක් සිදුවිය හැකිය.
මෑත භාගයේ මුහුණ දුන් අභියෝග හමුවේ වේගවත් සංවර්ධනයක් ශ්‍රී ලංකාව ඉල්ලා සිටියේය. කොවිඩ් වසංගත තත්වය හේතු කරගෙන ආර්ථිකය කඩාවැටීම හා එයින් ඉනික්බිතිව ඇති වූ අරගලකාරී තත්වය මෑත කාලීන අභියෝග වශයෙන් අදහස් කෙරිණ. ක්‍රමවේදද වෙනස් කර මහජන යහපත හා සුබ සිද්ධිය ඇති කරන අරමුණ වත්මන් ආණ්ඩුව ජනතාව හමුවේ තැබීය. සංවර්ධනය හා ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා ඉතා පරෙස්සමෙන් තීරණ ගත් ජාතික ජනබලවේගය ඔවුන්ගේ මතවාදීව වෙනස් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ද කටයුතු කිරීමට නොපැකිලව ඉදිරිපත් විය. බටහිර ආකෘතිගත රාමු අනුව තීරණ ගැනීමට සූදානම්වීම තුළ සංවර්ධන අභිප්‍රාය තිබිණ.
කෙසේ වෙතත් අනපේක්ෂිත තත්වයකට මුහුණ දෙන්නට සිදු වී තිබේ. මෙරට දිස්ත්‍රික්ක විසි පහක ජනී ජනයා අසරණකරමින් හමා ගිය සුළි කුණාටුව ආණ්ඩුවේ ගමන් මග මැද මහා බාධකයක් බවට පත්වී සිටී. ජනාධිපති හා මුදල් අමාත්‍ය අනුර දිසානායක මහතා 2026 අය වැය ඉදිරිපත් කරමින් සියයට හත ඉක්මවන සංවර්ධන වේගයක අවශ්‍යතාව ගැන කරුණු දැක්වීය. අය වැය විවාදය අවසානයට කලින් ලබන වසරේ වැය ශීර්ෂ වෙනස් කරන තරමට තත්වය බරපතළය. අලුත් අය වැය යෝජනා ඉදිරිපත් කරන ලෙස විපක්ෂ නායකවරයා රජයට යෝජනා කර තිබේ. සංවර්ධන ඉලක්ක කෙසේ වෙතත් පුරවැසියන්ට හදිසි සහනාධාර වහාම ගෙවන්නට සිදු වී ඇත.
අභියෝග තිබිය දී අලුතින් සංකීර්ණ ප්‍රවණතා
සුළි කුණාටු සමග ඇති වූ ස්වභාවය රට දැවැන්ත කම්පනයකට පත් කර තිබේ. සියලු ප්‍රදේශවලින් ලැබෙන තොරතුරු මෙහි භයානක භාවය දක්වයි. රජයට මුහුණදිය නොහැකි අතර විවිධ පාර්ශවවලින් ආධාර ඉල්ලා තිබේ. හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කර අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයකු ද සේවයට කැඳවා ඇත. දිට්වා සුළි කුණාටුව ජීවිත 627 ක් රටට අහිමිකර ඇති බව අලුත් වාර්තා දක්වයි. තවත් 200කට වැඩි පිරිසක් අතුරුදහන්ය. දිස්ත්‍රික්ක විසි පහක මිලියන 2.17 ක පිරිසක් පීඩාවට පත්ව සිටිති. කෘෂිකර්මය, සුළු ව්‍යාපාර ඉතිහාසයේ මුහුණ නොදුන් තරම් දැවැන්ත අර්බුදයකය. එදිනෙදා උපයාගෙන ජීවත් වූ ලක්ෂ සංඛ්‍යාත පිරිසකට ඇඳිවත පමණක් ඉතිරි වී තිබේ. ඉඩකඩම් සහ නිවාස විනාශ වූ ප්‍රමාණය තවමත් ගණන් බලන බව දැක්වේ.
සංවේදී වූ මිනිසුන්, සංවිධාන විශාල වශයෙන් ආධාර බෙදාහරිමින් සිටී. ආරක්ෂක අංශ එනම් හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව, පොලිසිය හා සිවිල් ආරක්ෂක අංශ විශාල කැපවීමකින් රජකාරි කරන බව සඳහන් කළ යුතුය. රාජකාරි සීමා ඉක්මවා ගොස් කැපවීමෙන් කරන සේවය ජනතාවගේ ඇගයීමට පත්ව තිබේ. රජයේ නිලධාරීන් පවා සිය සීමා ඉක්මවා කටයුතු කරමින් විපතට පත් පිරිස් සඳහා සහන සැපයීමට පැමිණීම අගය කළ යුතුය. ඉන්දියාව, පකිස්තානය වැනි රටවල් ගුවනින් පැමිණ විපතට පත් වූවෝ ගලවා ගත්හ. අත්‍යවශ්‍ය ආහාර හා සහන කණ්ඩායම් එවා තිබේ. ඇමරිකාව, චීනය, බි්‍රතාන්‍ය, ඔස්ටේ්‍රලියාව, මාලදිවයින, බංගලාදේශය, යුරෝපා රටවල්, කොරියාව ඇතුළු සෑම රටක්ම සහන සැලසීමට ඉදිරිපත්ව ඇත. මෙම ආධාර කළමනාකරණය හා නිසි අවශ්‍යතා සහිත පිරිස් වෙත බෙදාහැරීමට විශේෂ කමිටුවක් ද රජය පත් කර තිබේ.
දුම්රිය මාර්ග, මහා මාර්ග, පාලම් හා බෝක්කු, ඇළ වේලි යනාදිය විනාශ වූ ප්‍රමාණය සලකා බලන පසු ඉක්මනින් ප්‍රතිසංස්කරණය කළ නොහැක. විදුලිය බලය, සන්නිවේදනය හා ජල සැපයුම් ද යථා තත්වයට පත් කරන්නට සෑහෙන කාලයක් ගත විය හැකිය. විභාග කල් දමා ඇති අතර සාමාන්‍ය පෙළ විභාගය පවා ලබන අවුරුද්ද දක්වා කල් තැබීමෙන් නැවතත් විභාග කාල සටහන වෙනස් වී තිබේ. ශක්තිමත් ආණ්ඩුවක් පවා සසල කරන මෙවැනි පරිසරයක් තුළ පැරණි අභියෝග තිබිය දී පැන නැගුණ අලුත් සංකීර්ණ තත්වයක් බව සඳහන් කළ යුතුය.
ප්‍රතිව්‍යුහගතකරණය වෙනුවට ප්‍රතිසංස්කරණය
සුළි කුණාටුව කරන ලද විනාශය නොවේ නම්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මාස හතළිස් අටක සැලැස්ම තුළ කරගෙනයා යුතු තීරණාත්මක ක්‍රියාවලියකට ආණ්ඩුව සූදානම් වෙමින් සිටියේය. අලාභ ලබන රජයේ ආයතන ප්‍රතිව්‍යුහගත කරන සැලැසුම් සාකච්ඡා වෙමින් තිබුණි. මුල්‍ය අරමුදල ඇතැම් ආයතන පෞද්ගලික අංශයට පවරන සේ බල කරමින් සිටි අතර රජයේ ප්‍රතිපත්ති හා මුල්‍ය අරමුදලේ නිර්දේශ අතර බරපතළ විසංවාදයක් පැවැතිණි. මෙවැනි තත්වයක් තිබිය දී ආණ්ඩුව අලුතින් රාජ්‍ය වාණිජ ව්‍යාපාර කළමනාකරණ පනතක් යෝජනා කළ අතර එය අලාභ ලබන රාජ්‍ය ව්‍යවසාය සඳහා පිළිතුරක් වනු ඇතැයි අපේක්ෂා කළේය. රාජ්‍ය සේවය උසස් කිරීම, ඩිජිටල් ආර්ථිකයක් ගොඩනැගීම, අලුත් ආයෝජන, සංචාරක ව්‍යාපාරයේ නැග්ම වැනි විශේෂිත අංශ කෙරෙහි අලුත් නැඹුරුවක් විය.
කෙසේ වෙතත් 2025 රජයේ සැලැස්ම පමණක් නොව ලබන අවුරුද්දේ ද සංවර්ධනය සාක්ෂාත් වෙන්නේ නැත. ආපදාවට ලක් වූ නිවාසවල පිරිසුදු කරගැනීමේ කටයුතු සඳහා රුපියල් විසි පන් දහසක් දක්වා මුදල් අනුමත කරන ලද අතර අහිමි වූ ජීවිතවලට ද මිලියනයක් බැගින් වන්දි ගෙවන බව ප්‍රකාශයට පත් කර ඇත. හානි වූ වගාබිම්වලට වන්දි යෝජනා කරයි. නිවාසවට හා ඉඩම්වලට ද වන්දි ගෙවන බව ආණ්ඩුව සඳහන් කර තිබේ. පාසල් දරුවන් ගේ අවශ්‍යතා ගැන ද ආණ්ඩුව සොයා බලමින් සිටී. දරුවන් ලක්ෂයකට ආසන්න පිරිසකට ප්‍රශ්න තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුව මෙරට බැංකු විපතට පත් වූ පිරිස සඳහා නිර්දේශ ගණනාවක් ප්‍රකාශයට පත් කර ඇත. සියලු ණය අය කිරීම් මාස තුනක සිට හය දක්වා අත් හිටුවන සේ දක්වයි. අලුත් ණය නිකුත් කිරීමේ දී සියයට නමයක පොලියක් සහිතව ණය ආපසු ගෙවීමේ සහන කාලයකි. ගනුදෙනුකරුවන්ට සහන ප්‍රතික්ෂේප කළනොහැකි අතර හේතු ලිඛිතව දැන්විය යුතුවේ. ගනුදෙනුකරුවන්ගේ ක්‍රිබ් ඉතිහාසය සලකා ණය ප්‍රතික්ෂේප නොකරන ලෙස ද මහ බැංකුව විශේෂයෙන් කරුණු දක්වයි.
මහජනතාවට ගෙවන සහන, වන්දි ගෙවීම්, ණය වැඩසටහන්, ප්‍රතිසංස්කරණ හා අනෙකුත් පිරිවැය බිලියන ගණනින් ඉහළ යා හැකිය. රජය දක්වන පරිදි පසුගිය වසරේ වැය නොකළ මුදල් හා ලබන වසරේ වෙන්කරන ප්‍රතිපාදන වලින් පිරිවැය කළමනාකරණය කරගත හැකිවේ. අලුතින් ණය ගැනීමට අපේක්ෂාවක් නැත. ආණ්ඩුවේ අදහස හා සමාන තත්වයක් ජනතාවට ද තිබුණි. ඔවුන් ද ආධාර ඉල්ලා නිලධාරීන් හමුවට යන බලාපොරොත්තුවක සිටියේ නැත. පසුගිය ආර්ථික අර්බුදය කාල වකවානුවේ අහිමි වූ ආදායම් නැවත ගොඩනගා ගනිමින් යහපත් අතකට ගමන් කරමින් සිටි බව අමතක කළ යුතු නැත.
අහිමි වූ සමාජයකින් ගොඩනැගුණු ආණ්ඩුව
පසුගිය ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකාව ණය ගෙවාගත නොහැකි තැනකට පත්විය. ආර්ථිකට සෘණ තැනකට හැරී තිබුණි. මුල්‍ය අරමුදලේ ග්‍රහණය සමග ආණ්ඩුව යහපත් ආදායමක් ලබන තැනෙකය. 2021 වන විට මෙරට ජාතික ආදායම දළදේශීය නිෂ්පාදිතයෙන් සියයට අටක් දක්වා පහත වැටී තිබුණ අතර 2026 වන විට එම ප්‍රතිශතය සියයට 15 ඉක්මවනු ඇති බව පුරෝකථනය වී තිබේ. මෙම ආදායම සඳහා රජය බදු ප්‍රතිසංස්කරණ ගණනාවක් ගෙන එන ලද අතර ඒවා ගෙවන ලද්දේ එවකට ආර්ථික අර්බුදයෙන් පීඩා විඳින ලද කොටසම බව සඳහන් කළ යුතුවේ.
පර්යේෂණ වාර්තා පෙන්වා දුන් පරිදි ලක්ෂ ගණනින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය බිඳ වැටුණි. ඔවුන්ට එකල සහන ලැබුණේ නැත. ඒ වෙනුවට පුද්ගල බදු අංක නියම කර සියලු දෙනා බදු ගෙවන්නන් බවට හැරවීය. ලක්ෂ ගණනක් අලුතින් බදු ගෙවීමට බල කර තිබේ. මෙම බදු හේතු කරගෙන දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඉහළම ආදායම උපයාගෙන ඇති අතර රේගු බදු අලුත් වාර්තා තබමින් එකතු කරගෙන ඇති බව දැක්වේ. ආර්ථිකය බිඳවැටුණ ජනකොටසක් ඔවුන් ගෙවන බදුවලින් රජයේ ආදායම තර කර ඇති අතර නැවතත් අලුත් වටයකින් දිට්වා සුළි කුණාටුව හෙයින් අසරණ වී සිටින බව දැක්විය යුතුව තිබේ.
විපතට පත් දස ලක්ෂ සංඛ්‍යාත පිරිස හුවා දක්වා ඔවුන්ගෙන්ම තවත් බදු අය කරන සැලැස්මක් මෙම මොහොතේ සුදුසු නැත. අත්‍යවශ්‍ය ආහාර, ගොඩනැගිලි හා ඉදිකිරීම් මෙවලම් බදු අඩු කළ යුතුව තිබේ. එය කෙළින්ම දෙන සහනයකි. අතට දෙන මුදල වෙනුවට ජනතාවටම ගොඩනැගෙන්නට ඉඩ දීම රජයේ වගකීමක් වේ. රජය දැවැන්ත සහන ප්‍රකාශයටපත් කරන නමුත් ඒවා ලබාගැනීම පහසු නැත. ඉඩම්වල අයිතිය, ව්‍යාපාර ලියා පදිංචි කර තිබීම, වගාබිම්වල ප්‍රශ්න, ඒවායේ රක්ෂණ හෝ ගොවිජන සේවා බදු නොගෙවීම ආදී වශයෙන් සැලකිය යුතු ගැටලු ඇතිවේ. නිවාස ඉදිකරන පසු ඒවායේ අනුමැතිය හෝ පළාත් පාලන ආයතනවල වරිපනම් ගෙවා නැති අවස්ථාවල වන්දි තක්සේරු කිරීම ප්‍රශ්නයක් විය හැකිය. දේපොල අයිතිය ගැන ගැටලු පැන නැගෙනු ඇති අතර ඒවා සම්බන්ධයෙන් අවසාන තීරණයක් ලැබෙන්නේ කොතැනින් ද?
අනාරක්ෂිත ප්‍රදේශවල වාසස්ථාන තහනම් කරන බව දැනටමත් ප්‍රකාශ වී තිබේ. පදිංචිය, වාසස්ථාන, ආදායම් අහිමිවීම අතුරුදහන් පුද්ගලයන් ගැන සිද්ධි සම්බන්ධව මැදහත්ව සොයාබලා තීරණ ගත හැකි විශේෂ සහන මණ්ඩලයක් අවශ්‍යය. ත්‍රස්තවාදී ක්‍රියා නිසා විනාශ වූ දේපොල ගැන වන්දි අභියාචනා තවමත් තිබේ. සුනාමි ව්‍යසනය ඉදිරියේ පවා වන්දි අහිමි වූ පිරිසක් සිටිති. ආර්ථික අර්බුදය කාලයේ ප්‍රකාශිත රජයේ සහන ලබාගත නොහැකි වූ ජනකොටස සුළු පටු නොවේ. මේවායෙන් දුර්මුඛ වූ ජනකොටස් වත්මන් ආණ්ඩුව බලයට පත්කරන්නට සංවිධානාත්මකව කටයුතු කළ අතර ඔවුන්ට සාධාරණය අවශ්‍යය.
වන්දිගෙවීම සම්බන්ධ අලුත් බදු අවදානමක්
වාහන ආනයනයට ඉඩදීම සමග රජයට ඉහළම රේගු බදු ආදායමක් ලබාගත හැකි විය. 2026 වසරේ දී එවැනි විශාල ආනයන බදු ප්‍රමාණයක් අපේක්ෂා කළ නොහැකි බව පර්යේෂකයෝ දැනටමත් පෙන්වා දී ඇත්තාහ. ප්‍රතිසංස්කරණ හා නැවත ඉදිකිරීම් පිරිවැය වෙනුවෙන් අවශ්‍ය බිලියන ගණනක මුදල සොයාගන්නේ කෙසේ ද? එය මෙරට දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් සියයට තුනක් පමණ විය හැකි බව දැක්වේ. ලෝකයේ සෑම රටක් ම හදිසි ආධාරවලින් ජනතාවගේ අත්‍යවශ්‍ය බෙහෙත්, ආහාර හා නවාතැන් ආදිය සඳහා ආධාර කරනු ඇති නමුත් ප්‍රතිසංස්කරණ පිරිවැය ගැන දෙවැනි පියවරකට යන්නේ නැත. ලෝකයේ සෑම රටකම ප්‍රශ්න තිබේ. යුද ගැටුම් පිරිවැය ඉහළ නැග ඇත. බලශක්ති වියදම ඉහළටම ගොස් තිබේ. ඇමරිකාව පනවන ලද බදු හේතු කරගෙන සංවර්ධනය වූ රටවල් පවා ආර්ථිකය නැවත සකස්කරන ප්‍රතිපත්ති කරා තල්ලුවෙමින් සිටී. එවැනි පසුබිමක් තුළ ශ්‍රී ලංකාව කෙරෙහි ආධාර කරන සීමා පැන නැගෙනු නිසැකය.
අනෙක් අතට ආර්ථික අර්බුදය හේතුකරගෙන විපතට පත් වූ ජනතාවට ලෝකයේ සෑම රටක්ම ආධාර කළේය. ඉන්දියාව ලබාදුන් ආධාර ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන හතර ඉක්මවීය. චීනය ද ආධාර කර තිබේ. ශ්‍රී ලංකාවට ලබා දුන් ණය ගෙවාගත නොහැකි හෙයින් ඒ සඳහා සහන ලබාදී තිබේ. ණය හා පොලිය කපා හරින්නට ආධාර කරන ලද රටවල් හා සංවර්ධන බැඳුම්කර මිල දී ගත් පිරිස තීරණය කර ඇත. ණය ආපසු ගෙවීම සඳහා වසර 2028 දක්වා කාලය ලබා දී තිබේ. මෙවැනි පසුබිමක් තුළ නිවාස ගොඩනැගීමට, දුම්රිය මාර්ග යථාවත් කරන්නට හෝ පාලම් ඉදිකරන්නට නැවත ආධාර ඉල්ලන්නට හැකියාවක් නැත. සමහර රටවල් ආධාර කරනු ඇති නමුත් ඒවායේ සැඟවුණ අරමුණු තිබිය හැකි බව ද අමතක කළ නොහැකි පැත්තකි.
ස්වභාවය මෙසේ තිබිය දී රට ගොඩනගන්නට බද්දක් පනවන්නට තීරණය කරනන්ට ඉඩ තිබේ. ජීවිත අහි වීම් දේපොල විනාශ වී සිටින පිරිසකට තවත් බද්දක් පනවා ඒවා ගොඩනැගීමට සහනයක් සැපයීමට ආණ්ඩුවේ විශේෂඥයන් අදහස් කළහොත් එය සාමාන්‍ය ජනතාවට තවත් ගැහැටකි. ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව දක්වන පරිදි ගෘහ ඒකකයක වියදම් දරුණු ලෙස ඉහළ ගොස් ඇත. නැවතත් උද්ධමනය ඉහළ නැගෙමින් තිබේ. ඉදිරියේ දී ඉන්ධන හා විදුලිය ගාස්තු සංශෝධනයක් සිදුවිය හැකිය. එම ආයතනවල අලාභ එසේ ගාස්තු සංශෝධනයකට මග පාදන බව සඳහන් කළ හැකිය. එසේ තිබිය දී බද්දක් පැනවුවහොත් එය දුප්පත් හා මැදි ආදායම් ජනතාවට උහුලාගත නොහැකි වනු ඇත. ආර්ථික වර්ධනයකට තීරණ ගෙන එයින් විපත් වියදම් ආවරණය කරන සැලැස්මක් මෙම අවස්ථාවේ දී ඉතා ප්‍රයෝජනවත් බව පමණක් සඳහන් කරනු වටී.

