සංවර්ධන ලොතරුයිපත් මුද්‍රණ කොන්ත්‍රාත්තුව සමාගම් හතරකට


නිමල කොඩිතුවක්කු


සංවර්ධන ලොතරැයි මණ්ඩලයට වසරක කාලයක් සඳහා පරිගණකාශ්‍රිත දිනුම් ඇදීමේ ලොතරැයිපත් නිර්මාණය කිරීම, සංවර්ධනය කිරීම, මුද්‍රණය සහ සැපයීම සඳහා වන, ප්‍රසම්පාදනය පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් පරිගණකාශ්‍රිතව දිනුම් අදිනු ලබන ලග්න වාසනාව, කප්රුක, අද කෝටිපති, සුපර් බෝල්, සසිරි, ශනිදා, සුපිරි ධන සම්පත ලොතරැයි පත් සහ නව දිනුම් ඇදීමේ ලොතරැයි අංක 01 (ජය සම්පත) හා නව දිනුම් ඇදීමේ ලොතරැයි අංක 02 යන ලොතරැයි වර්ෂයක කාලයක් සඳහා නිර්මාණය කිරීම, සංවර්ධනය කිරීම, මුද්‍රණය සහ සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය කිරීම පිණිස ජාතික තරගකාරී ක්‍රමවේදය යටතේ ලංසු කැඳවා ඇත.
ඒ සඳහා ලංසු 7 ක් ලැබී තිබේ. ඒ අනුව, ඉහළ මට්ටමේ ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය මත පදනම්ව පහත සඳහන් අවම ලංසුකරුවන් වෙත අදාළ ප්‍රසම්පාදන පිරිනැමීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපති ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
ඒ අනුව ලග්න වාසනාව සහ කප්රුක සඳහා ලංසුකරුවන් වන Toppan FORMS(Colombo) ltd
අද කෝටිපති සුපර් බෝල් ශනිදා සහ සුපිරි ධන සම්පත සඳහා ලංසුකරුවන් වන DPJ Holdings (pvt) ltd
සසිරි සඳහා ලංසුකරුවන් වන Grand Export (pvt) ltd
නව දිනුම් ඇදිමේ ලොතරැයිටිකට්පත් 01 ජය සම්පත සඳහා ලංසුකරුවන් වන
නව දිනුම් ඇදීමේ ලොතරැයි ටිකට් පත් අංක 02 සඳහා ලංසුකරුවන් වන Digiscan Secure print Solutions (pvt) ltd ඉදිරිපත්ව තිබේ.