
2025 දෙසැම්බර් 29 වැනි දින ශ්‍රී ලංකාව සංකේතාත්මක සන්ධිස්ථානයක් සැමරීය. ඒ එක් වසරක් තුළ වාර්තා වූ වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණීමයි. මෙම වාර්තාගත සංචාරකයා ගුවන් තොටුපොළේදී පිළිගනු ලැබුවේ කේක් කැපීමක් සහිත උත්සවයකිනි. පාස්කුදා ප්‍රහාර, කොවිඩ් වසංගතය, ආර්ථික බිඳවැටීම සහ දිට්වා සුළි කුණාටුව වැනි අහිතකර වසර ගණනාවකට පසු ඔරොත්තු දීමේ හැකියාව සඳහා ගෞරවය නිසැකවම සංචාරක කර්මාන්තයට ලැබිය යුතුය.
එහෙත් සංඛ්‍යා ගණන් කිරීමෙන් පමණක් සංචාරක ආර්ථිකයක් ගොඩනැගෙන්නේ නැත. සංචාරක ආර්ථිකයක් ගොඩ නැගීමට නම් මුදල් අවශ්‍යය.
සැබෑ ප්‍රශ්නය වන්නේ කොපමණ සංචාරකයන් පිරිසක් පැමිණෙන්නේ ද යන්න නොව, එක් එක් සංචාරකයා සාමාන්‍ය ශ්‍රී ලාංකිකයන්ට කොපමණ වටිනාකමක් ගෙන එයි ද යන කාරණය මතය. උදාහරණයක් ලෙස රියදුරන්, මාර්ගෝපදේශකයන්, අවන්හල් හිමියන්, නිවාස හිමියන්, වෙරළ ආශ්‍රිත වෙළෙන්ඳන් සහ සංචාරක ආදායම මත යැපෙන ගමේ පවුල්වලට ලැබෙන ප්‍රතිලාභ මතය.
සංචාරකයන් වැඩි පිරිසක් පැමිණියත්, ඔවුන් රැගෙන එන්නේ අඩු මුදලක් නම්, ඉන් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට සැලකිය යුතු ප්‍රතිලාභයක් අත්වන්නේ නැත.
2018 වසරේ දී සාමාන්‍ය සංචාරකයකු රාත්‍රීන් 10.8 ක් පමණ රැඳී සිටියේය.
එහෙත් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සහ මහ බැංකුවේ දත්තවලට අනුව, 2023-24 වන විට එය රාත්‍රී 8.4 - 8.6 දක්වා පහත වැටී තිබුණි.
ඒ සමගම, මුළු සංචාරක ඉපැයීම් තවමත් 2018 උපරිම අගය වන ඇමරිකානු ඩොලර් බිලියන 4.4 දක්වා යථා තත්වයට පත් වී නොමැත. 2025 දී, ඉහළ සංචාරක පිරිසකගේ පැමිණීම තිබියදීත්, ඉපැයීම් ඇමරිකානු ඩොලර් බිලියන 3.5 කට ආසන්න යැයි ගණන් බලා ඇත.
වැඩි අමුත්තන්. කෙටි කාලයක් රැඳී සිටීම්. අඩු ආදාමක්. මෙය අඩුවන ප්‍රතිලාභ පිළිබඳ පෙළපොත් සිද්ධියකි.
සැබැවින්ම අමුත්තන් කියන දේට සවන් දීම:
මාස කිහිපයක් පුරා, මම හිතාමතාම TripAdvisor” Reddit සංසද, Instagram රීල් සහ Facebook සංචාරක කණ්ඩායම් හරහා සොයා බැලීමක් සිදුකළ අතර, පසුව ඇල්ල, මිරිස්ස, වැලිගම සහ ආරුගම් බේ යන සංචාරක ගමනාන්තවල ඇවිදිමින් සෘජුවම සංචාරකයන් සමග කතා කරමින් මා දුටු දේ නැවත වරක් සමාලෝචනය කළෙමි.
ඒ අනුව මා විසින් පහත ගැටලු එහි වාර ගණන, චිත්තවේගීය තීව්‍රතාව සහ මූල්‍යමය බලපෑම අනුව ශ්‍රේණිගත කළෙමි.
ඒවා ලැයිස්තුගත කිරීමට පෙර, සියල්ල අවුල් වී නැති බව සැලකිල්ලට ගැනීම වැදගත්ය. අත්දැකීම් සහිත සංචාරක ව්‍යාපාරය බැරෑරුම් ලෙස සැලකූ විට කළ හැකි දේ පෙන්වන හොඳම උදාහරණය පෙන්වන්නේ “පිකෝ ට්‍රේල්” ය. ඉන් ඔප්පු වන්නේ ශ්‍රී ලංකාවට කාමර පමණක් නොව කතන්දර අලෙවි කළ හැකි බවයි. එහෙත් මෙම දීප්තිමත් ස්ථාන ඉස්මතු කරන්නේ වෙනත් තැන්වල කොපමණ වටිනාකමක් අහිමි වේද යන්න පමණි.
සැබෑ ප්‍රශ්නය වන්නේ කොපමණ සංචාරකයන් පිරිසක් පැමිණෙන්නේ ද යන්න නොව, එක් එක් සංචාරකයා සාමාන්‍ය ශ්‍රී ලාංකිකයන්ට කොපමණ වටිනාකමක් ගෙන එයි ද යන කාරණය මතය. උදාහරණයක් ලෙස රියදුරන්, මාර්ගෝපදේශකයන්, අවන්හල් හිමියන්, නිවාස හිමියන්, වෙරළ ආශ්‍රිත වෙළෙන්ඳන් සහ සංචාරක ආදායම මත යැපෙන ගමේ පවුල්වලට ලැබෙන ප්‍රතිලාභ මතය. සංචාරකයන් වැඩි පිරිසක් පැමිණියත්, ඔවුන් රැගෙන එන්නේ අඩු මුදලක් නම්, ඉන් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට සැලකිය යුතු ප්‍රතිලාභයක් අත්වන්නේ නැත.
ආදායම නිහඬව අඩු කරන බරපතළ පැමිණිලි
1. හිරිහැර කිරීම, තැරැව්කරුවන් සහ අධික ලෙස අය කිරීම
මෙය හුදකලා සිදුවීම් ගැන නොවේ. එය සංචාරකයන් ආරක්ෂක මාදිලියකට බල කරන හැසිරීම් ගැනය. තනි කාන්තා සංචාරකයන් කිහිප දෙනකු පැවසුවේ නිරන්තරයෙන් සිදුවන අනවශ්‍ය අවධානය නිසා ඔවුන් වඩාත් නොසන්සුන් වූ බවයි. අමුත්තන්ට අනාරක්ෂිත බවක් දැනුණු පසු, ඔවුන් ගවේෂණය නතර කර, හෝටල් තුළට වී ආහාර ගැනීමට පෙළඹෙන අතර, බාහිර ක්‍රියාකාරකම් අවලංගු කරයි. ඉන් මුළු ප්‍රජාවේම ආදායම අහිමි වී යයි.
2. වීසා දීර්ඝ කිරීමේදී සිදුවන කලකිරීම
අන්තර්ජාලය හරහා නොයෙක් පොරොන්දු ලබාදී තිබියදීත්, බොහෝ අමුත්තන්ට තවමත් වීසා දීර්ඝ කිරීම සඳහා බත්තරමුල්ලට ගොස් සම්පූර්ණ දවසක් නාස්ති කිරීමට සිදුව ඇත. අපගේ සංචාරක කර්මාන්තයේ ඉහළම වියදම් කරන කොටස වන්නේ දිගු කාලීන සංචාරකයන්ය. එහෙත් වීසා දීර්ඝ කිරීමේ ක්‍රියාවලිය අකාර්යක්ෂම යැයි හැඟෙන විට, ඔවුහු ඉක්මනින් රටින් පිටත් වෙති.
3. ප්‍රධාන ආකර්ෂණීය ස්ථානවල දක්නට ලැබෙන තදබදය
ජලයේ ශබ්දය කිසිවකුටත් ඇසෙන්නේ නැති දිය ඇලි. සෙල්ෆී පෝලිම් බවට පත්ව ඇති නැරඹුම් ස්ථාන. මෙවැනි තැන්වල අසාමාන්‍ය තදබදයක් දැනෙන විට, සංචාරකයන් සිය රැඳී සිටීම කෙටි කිරීමට පෙළඹෙති.
4. යාල සෆාරි තදබදය
දිවියන් නැරඹීම මේ වන විට රථවාහන තදබදයක් බවට පත්ව ඇත. අමුත්තන් පැමිණිලි කරන්නේ වනජීවීන් ගැන නොව, උද්‍යානයේ අවුල් සහගත බව ගැනය.
5. ගුවන්තොටුපොළේ පැමිණීමේ පර්යන්තයේ අවුල් සහගත බව
සති ගණනක් තිස්සේ සිදුකළ අලෙවිකරණය දිගු පෝලිම් සහ ව්‍යාකූල සංක්‍රමණිකයන්ට එක් දහවලකින් අවලංගු කිරීමට හැකියාවක් ඇත.
6. වෙරළ අපද්‍රව්‍ය සහ සනීපාරක්ෂාව
අපිරිසුදු වෙරළ තීර ඡායාරූප ගත කිරීමට සංචාරකයන් පෙළඹෙන්නේ නැත. එසේම අපිරිසුදු වෙරළ තීරයකට ඔවුන් නැවත පැමිණෙන්නේ ද නැත.
7. ප්‍රවාහනය නියාමනය නොකිරීම
“පික්මී” වැනි වේදිකා අවහිර කිරීම පිළිබඳව සමහර පුරවැසියන් වාද විවාද කරන අතර, සංචාරකයන් නිරන්තරයෙන් පවසන්නේ ස්ථාවර මිල ගණන් සහ සොයා ගත හැකි රියදුරන් සහිත නියාමනය කළ පද්ධතිවලට ඔවුන් කැමැති බවයි. අවිනිශ්චිතතාව නිසා වියදම් විනාශ වී යයි.
8. වැසිකිළි හා පොදු පහසුකම් නොමැතිකම
කලාතුරකින් ලියා ඇතත්, මෙය නිරන්තරයෙන් සඳහන් වන දෙයකි. සංචාරකයන් නාන කාමර ප්‍රවේශය වෙනුවෙන් මුළු දවසම සැලසුම් කරන විට, ගම්මානවලට සිය ව්‍යාපාර අහිමි වී යයි.
9. දුර්වල සංඥා සහ අර්ථ නිරූපණය
බොහෝ සංචාරක ගමනාන්ත පැහැදිලි කළ නොහැකිව පවතී. අමුත්තන් ඉතිහාසය හරහා ගමන් කරන්නේ එය තේරුම් නොගෙනය. නැතහොත් නිල නොවන මාර්ගෝපදේශකයන් ලබාදෙන සාවද්‍ය කථාන්තරවලට අනුවය.
10. සැඟවුණු ගාස්තු සහ ව්‍යාජ ගාස්තු
“මම ශ්‍රී ලංකාවට ආදරය කළා” යැයි එක් සංචාරකයෙක් මට පැවසීය, “එහෙත් ඇත්ත වශයෙන්ම කොපමණ මුදලක් වැය වේදැයි මම කිසි විටෙකත් දැන සිටියේ නැහැ” යැයි ඇය පසුව පැවසුවාය. විශ්වාසය බිඳුණු පසු සිදුවන්නේ, මිනිසුන් මිලදී ගැනීම නැවැත්වීමයි.
අන්තර්ජාලය හරහා නොයෙක් පොරොන්දු ලබාදී තිබියදීත්, බොහෝ අමුත්තන්ට තවමත් වීසා දීර්ඝ කිරීම සඳහා බත්තරමුල්ලට ගොස් සම්පූර්ණ දවසක් නාස්ති කිරීමට සිදුව ඇත. අපගේ සංචාරක කර්මාන්තයේ ඉහළම වියදම් කරන කොටස වන්නේ දිගු කාලීන සංචාරකයන්ය. එහෙත් වීසා දීර්ඝ කිරීමේ ක්‍රියාවලිය අකාර්යක්ෂම යැයි හැඟෙන විට, ඔවුහු ඉක්මනින් රටින් පිටත් වෙති.
දිගු පැමිණිලි
සත්ව සුබසාධන ගැටලු, දුර්වල වයි-ෆයි පහසුකම්, දුර්වල ප්‍රවාහන තොරතුරු සහ නොගැළපෙන සේවා ප්‍රමිතින් හරහා නිහඬව ගස්වන්නේ ශ්‍රී ලංකාව ගැන කෙනකුට හැඟෙන ආකාරයයි. වෙරළේ අවුල් සහගත බව ගැන පැමිණිලි කරන්නේ ඉන්දියානු පවුල්ය. චීන සංචාරකයෝ සම්බන්ධතාව සහ සංඥා පුවරු ගැන පැමිණිලි කරති.
සෑම ගැටලුවක්ම තනිවම කළමනාකරණය කළ හැකිය. එහෙත් ඔවුන් අපගේ කීර්ති නාමය නිර්වචනය කරන්නේ එකට එක්වය.
මෙය සැබවින්ම වැදගත් වන්නේ ඇයි?
මේ සෑම ගැටලුවකින්ම සිදුවන්නේ ගම්වලින් මුදල් ඉවත් වීමයි.
අනාරක්ෂිත යැයි හැඟෙන අමුත්තෙක් ආහාර ගැනීමට පිටතට පැමිණෙන්නේ නැත.
පෝලිම්වල සිරවී සිටින අමුත්තෙක් නවාතැන් කෙටි කරයි.
මිල ගණන් විශ්වාස නොකරන අමුත්තෙක් මිලදී ගැනීම නවත්වයි.
ගැටීමක් නිසා එක් රාත්‍රියක් පවා සංචාරය කිරීමෙන් වැළැකී සිටියහොත්, ශ්‍රී ලංකාවට සම්පූර්ණ දිනක ආහාර, ප්‍රවාහන, මාර්ගෝපදේශ සහ ප්‍රවේශ ගාස්තු අහිමි වී යයි.
අපි සංචාරකයන් ගණන් කරමින් සිටිමු, එහෙත් අප ඔවුන් ඉතිරි කරන දේ මනින්නේ නැත.
කතුවරයා ගැන:
මෙම ලියුම්කරු ශ්‍රී ලංකාවේ ආගන්තුක සත්කාරය, සංචාරක ව්‍යාපාරය සහ ආයෝජන පිළිබඳ විශේෂඥතාවක් ඇති ප්‍රවීණ ව්‍යාපාරික නායකයෙකි.
සිංහලට පරිවර්තනය කළේ
අනිල් කරුණාරත්න




