ශ්‍රී ලාංකිකයන් වයස් ගතවීමේ ශීඝ්‍රතාව : අභියෝග සහ අවස්ථා



2025 වසරේ ජුනි මාසයේදී වසර 17ට පසුව ලංකාවට  පැමිණි මම දුටුවේ ශ්‍රී ලංකාව අනෙකුත් රටවලට වඩා බොහෝ ශීඝ්‍රයෙන් වෙනස් වන බවත් එය නොසලකා හැරිය නොහැකි සත්‍යයක් බවත්ය.

2005 සුනාමි  ව්‍යවසනයෙන් පසුව මා මෙහි ජීවත්ව සිටියදී රට මූලිකවම අවධානය ලබා දුන්නේ ප්‍රජාව හා නිවාස ප්‍රතිසංස්කරණ කටයුතු කිරීමටය. ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සියයට 14ක ප්‍රතිශතයක් වයස අවු: 60 ඉක්මවූවන් වන අතර 2041 වනවිට ය සමස්ත ජනගහනයෙන් හතරෙන් එකක් දක්වා වර්ධනය වනු ඇතැයි එවකට අනුමාන කර තිබුණි. මෙවැනි වෙනස්වීම් ලොව අනෙකුත් රටවලට වඩා වේගවත් හා බැරූරුම් අභියෝග හා අවස්ථාද පුද්ගලයන්ට උදා කර දේ.

‘‘ක්‍රමවත්ව වයස්ගත පුද්ගලයන් සංවිධානය කර සහය දක්වන්නේ නම් ඔවුන් සමාජීය, ආර්ථික හා සමස්ත දේශපාලන ක්‍රියාවලියටම දායකත්වය ලබාදේ.’’

 වයස්ගත වීම: ගෝලිය හා 
 දේශීය හැරවුම් ලක්ෂ්‍යය 

ලොව පුරා 2030 වන විට වයස අවු. 50 හා ඊට වැඩි පුද්ගලයන් බිලියන 1.4ක් ජීවත් වන අතර ඒ අතුරින් සියයට 80ක් ධනපති හා මධ්‍යම පාන්තික ආදායම් සහිත රටවල ජීවත් වන්නෝ වෙති. වයස්ගත පුද්ගලයන්ගේ සංඛ්‍යාව කෙතරම් වැඩි වුවද ජාතික හා ගෝලීය මට්ටමින් එයට අවධානය නොලැබීම  අභ්‍යගයකි. 

සමාජය තුළ වයස්ගත වුවන් කෙරේ අවධානය යොමු නොකරන්නේ නම්, සෞඛ්‍ය  හා ආරක්ෂක ගාස්තු ඉහළ යාම අසමතුළිත බව වර්ධනය යන තත්වයන්ට මුහුණ දීමට සිදුවන අතර මිලියන ගණනක් වයස්ගත පුද්ගලයන්ට අවශ්‍ය සහය නොමැතිව ජීවත්විය නොහැකි තත්වයක්ද උදාවේ. එමගින් වයස්ගත පුද්ගලයින් ඵලදායිතාව විහවතා හා සමාජයෙන්ද මිදීයාමට ඉඩ  පවතී.

 වෙනසක් සිදු කරන 
 බිම් මට්ටමේ විසඳුම් 

මගේ මෙම සංචාරය අතරතුර ‘හෙල්ප් ඒජ්’ ව්‍යාපෘතිය හරහා ශ්‍රී ලංකාවට ප්‍රජා මූලික විසඳුම්  ලබාදෙමින් ජීවිත වෙනස්  කිරීමට ලබාදෙන නායකත්වය දැකීමෙන් පසුව මාගේ උනන්දුවද මේ සඳහා වර්ධනය විය. ‘හෙල්ජ් ඒජ්’ කණ්ඩායම් ප්‍රජා මූලික නවෝත්පාදන වැඩසටහන් හරහා සංකල්ප ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීම ඒ වනවිටත් අරඹා තිබුණි.

අක්ෂි රෝහල් සහ ජංගම සායන එක්ව ඔවුන්ගේ සේවයේ අග්‍රගන්‍ය ප්‍රතිඵල ලෙස සිදුකළ අක්ෂි සුරැකීමේ වැඩසටහන හරහා ඇස් ආශ්‍රිත ගැටලුවලින් පෙලෙන පුද්ගලයන්ට සහයවීම ප්‍රායෝගිකව ‘හෙල්ප් ඒජ්’ ව්‍යාපෘතිය ක්‍රියාවට නැගුනු අවස්ථාවකි.

 එමෙන්ම සෙරට්කා සැත්කමක් කිරීම සඳහා වසරක් මුළුල්ලේ බලා සිටි මවකට සතියක කාලයක් ඇතුළතදී නොමිලේ සැත්කම කරවා ඇයට අවශ්‍ය සියලුම පහසුකම්ද ‘හෙල්ප් ඒජ්’ හරහා සිදුවූ  තවත් එක් සේවාවකි. මෙම සැත්කමට අමතරව ‘හෙල්ප් ඒජ්’ පදනමේ අනුග්‍රහයෙන් වයස්ගත වූවන් 53,000ට වැඩි පිරිසකගේ සැත්කම්ද කරදී ඔවුන්ගේ සෞඛ්‍යය ස්වාධීනත්වයද තහවුරු කරන ලදී. 

‘හෙල්ප් ඒජ්’  පදනම ඔස්සේ සිදුවූ නව්‍ය වැඩසටහනක් ලෙස  රත්මලානේදී පැවැත්වූ වෘත්තිය පුහුණු වැඩසටහන පෙන්වා දිය හැකිය. කාර්යයන් කිරීමට හා තනතුරු සඳහා එමගින් පුහුණුවක් ලබා දෙන අතර පුද්ගලයන් ආදායම් උපයා ගැනීමේ හා විනෝද ක්‍රියාවලට සක්‍රීයව සම්බන්ධ කර ගැනීමක් එහිදී සිදු වුණි.

 ශ්‍රී ලංකාව  තුළ ජ්‍යෙෂ්ඨ  පුරවැසි සංගම් 12,000 ආසන්න ගණනක් පවතින අතර මෙම ජාතික සම්පත් මගින් සමාජයට කේන්ද්‍ර ගත සහයෝගිතාවක් ලබාදීමේ හැකියාවක්ද පවතින බව පෙනී යන කරුණකි. ජාත්‍යන්තර ‘හෙල්ප් ඒජ්’ සංවිධානය කළ පර්යේෂණයකට අනුව ආසියාවේ ජ්‍යෙෂ්ඨ සංගම් එකතුව ‘ආසියාවේ  වයස්ගත පුද්ගල සමුළුව’ ලෙස හඳුන්වනු ලබයි.

 ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග ක්‍රියාවට 
 නැංවීම Policy Action 

මෙවැනි සමාජ සංවිධාන ඔස්සේ සිදුකරන සමාජ භාවිත වැඩසටහන් ජාතික ප්‍රතිපත්ති මූලික කරගෙන ශක්තිමත්ව සිදුකරන අතර ‘හෙල්ප් ඒජ්’ පදනම ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් වයස්ගත පුද්ගල  අයිතීන් පිළිබඳව නීතිමය පදනමක් නිකුත් කරන ලෙසද ඉල්ලා සිටියි.

 අනාගතයට රැගෙන යන 
 නායකත්වය හා සහයෝගිතාව: 

‘හෙල්ප් ඒජ්’ ශ්‍රී ලංකා සංගමයේ සභාපති  දිශාබන්දු තිලක්, ඩී. සොයිසා මහතාගේ දැක්ම හා කවුන්සිලයේ සාමාජිකයන්ගේ කැපවීම මත මෙම සංවිධානයේ පැවැත්ම රඳාපවතින බැව් නොරහසකි. එම කණ්ඩායම් විසින් ප්‍රාදේශීය විසඳුම් හරහා තාත්වික වෙනස්කම් සිදු කළ හැකි බවද පෙන්වා දෙනු ලැබේ. 

 වයස්ගත වීමේ අවස්ථා 

‘හෙල්ප් ඒජ්’  සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරි ‘චෙරින් මැතිවුඩ්ගේ’ ප්‍රකාශයට අනුව ලෝකයේ වයස්ගත ජනතාවගේ ක්‍රියා වෙනස් කිරීමේ වගකීම ඔහු සතුව පවතින බව පැහැදිලි වේ. 

එමෙන්ම ශ්‍රී ලංකාව වැනි රටවල වයස්ගත  වූවන් සඳහා ප්‍රමුඛත්වයක් නොදීම බාධාවක් නොව අවස්ථාවක් ලෙසට පුද්ගලයන් දැකීමට හුරු විය යුතු බව වෙරින් මැතිවුස්ගේ මතයකි.

 වයස්ගත වීම ගැටලුවක් 
 නොව එය අවස්ථාවකි 

‘හෙල්ප් ඒජ්’  සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරි ‘චෙරින් මැතිවුස් ලංකා සංචාරයේදී ආකර්ෂණය වූ ප්‍රියජනක මෙන්ම ලංකාව තුළදී ක්‍රියාත්මක කළ ප්‍රතිපත්ති වර්තමානයට පමණක් නොව අනාගතයටද ඉතා උචිත බව පෙනී යයි.

ප්‍රධාන විධායක නිලධාරි 
 ‘චෙරින් මැතිවුස්’ පිළිබඳව:

2017 වසරේ සිට ‘හෙල්ප් ඒජ්’  සමඟ සම්බන්ධව ක්‍රියා කළ චෙරින් මැතිවුස්ට වසර 35ට වැඩි ගෝලීය පලපුරුද්දක් පවතී. ‘හෙල්ප් ඒජ්’  සංවිධානයේ සභාපති විධායක අධ්‍යක්ෂ හා නියෝජ්‍ය විධායක නිලධාරි වශයෙන්ද ක්‍රියා කර ඇත. මොහු පාරම්පරික පරිත්‍යාග මූලික අයිතිවාසිකම් පදනම් කරගත් සහයෝගිතා මත පදනම් වූ සංස්කෘතිය වෙනස් කිරීමටද නායකත්ව ලබාදුනි. වයස්ගත පුද්ගලයන්ගේ මතභේදාත්මක ක්‍රියා හා උචිත විසඳුම් ලබා දෙමින් වයස්භේද පිළිබඳ සටන් කළ හැකි නායකයෙක් ලෙස ‘චෙරින් මැතිවුස්’ නම් කළ හැකිය.