
ICD-11 පිළිගැනීම සහ විද්‍යුත් සෞඛ්‍ය වාර්තා ඩිජිටල්කරණය කිරීමෙන් රක්ෂණ සමාගම් වෙත සැලකිය යුතු වාසි සැලසේ. සම්මත කරන ලද වෛද්‍ය කේතකරණය අවදානම් තක්සේරු කිරීමේ නිරවද්‍යතාව ඉහළ නංවනු ඇත. එමගින් සියලු ආදායම් වෙත ප්‍රවේශ හැකියාව වැඩිවන අතර සහ දැරිය හැකි ප්‍රතිරක්ෂණය කරන ලද සෞඛ්‍ය
නිෂ්පාදන නිර්මාණය කිරීමට හැකියාව ලැබේ.කෘත්‍රිම බුද්ධිය මගින් බල ගැන්වූ විශ්ලේෂණ ඒකාබද්ධ කිරීමෙන් රෝගවලට අදාළ ප්‍රවණතා පුරෝකථනය කිරීමට, මතුවෙමින් පවතින අවදානම් හඳුනා ගැනීමට සහ ක්‍රියාශීලීව නව්‍ය රක්ෂණ නිෂ්පාදන සැලසුම් කිරීමට රක්ෂණ සමාගම්වලට හැකියාව ලබා දෙනු ලැබේ. මෙය රක්ෂණ සමාගම්වලට හිමිකම් පියවන්නන් පමණක් වීමෙන් ඔබ්බට ගොස්, නිවාරණ සෞඛ්‍ය සේවාවේ ක්‍රියාකාරී ප්‍රවර්ධකයන් බවට පත් වීමට ඉඩ සලසයි.
ශ්‍රී ලංකාවේ සෑම පුරවැසියෙක් සඳහාම වන නොමිලේ මහජන සෞඛ්‍ය සේවා පද්ධතිය සහ ජනතාවගේ පෙනෙන ඉහළ සාක්ෂරතා මට්ටම් දීර්ඝ කාලයක් තිස්සේ ඇගයීමට ලක්ව ඇත. මෙම සාර්ථකත්වය මධ්‍යයේ වුවද තීරණාත්මක අභියෝගයක් පවතී. අපගේ සෞඛ්‍ය තොරතුරු යටිතල පහසුකම් ප්‍රමාණවත් ලෙස ඩිජිටල්කරණය කර නොමැති වීම හේතුවෙන් වැරදි සිදුවීමේ ප්‍රවණතාවක් පවතී. ඒහේතුවෙන් බොහෝ රෝහල්වල රෝග කේතනය කිරීමේ නිරවද්‍යතාව පිළිගත හැකි මට්ටමට වඩා අඩු මට්ටමකට හේතු වී ඇත. එමගින් රෝග විනිශ්චය වාර්තාවල පරතරය ඇති කිරීමටත් රක්ෂණ හිමිකම් ලබා දීමේ අකාර්යක්ෂමතාවක් ඇති කිරීමටත් හේතු වේ. මෙහි ප්‍රතිඵලය වන්නේ සීමිත සම්පත් සාවද්‍ය ලෙස වෙන් කිරීම, පුරවැසියන්ට සහ රාජ්‍යයට ඉහළ පිරිවැයක් දැරීමට සිදු වීම සහ ගෝලීය ඩිජිටල් සෞඛ්‍ය පද්ධති සමග සම්බන්ධ වීමට ඇති අවස්ථා මග හැරී යාමයි.
ඉදිරි දශකය දෙස බලන විට, අපගේ සෞඛ්‍යාරක්ෂණ පද්ධතියේ සහ එයට සහාය වන රක්ෂණ ක්ෂේත්‍රයේ තිරසාරභාවය රඳා පවතින්නේ අපගේ දත්ත යටිතල පහසුකම් කෙතරම් ඵලදායී ලෙස නවීකරණද යන්න සහ ජාත්‍යන්තර රෝග වර්ගීකරණයේ 11 වැනි සංශෝධනය (ICD-11) වැනි ජාත්‍යන්තර ප්‍රමිති කෙතරම් දුරට අදාළ කර ගන්නේ ද යන්න මත බව පැහැදිලිය.
ගෝලීය සෞඛ්‍ය ක්ෂේත්‍රය
ගෝලීය වශයෙන්, සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රය වේගවත් ඩිජිටල් පරිවර්තනයකට ලක් වෙමින් පවතී. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ICD-11 මගින් රෝග සහ මරණ සඳහා හේතු වර්ගීකරණය කිරීමට පරිපූර්ණ සහ ගෝලීය වශයෙන් සැසඳිය හැකි රාමුවක් සපයන අතර සෞඛ්‍ය තත්ව සටහන් කිරීම සහ වාර්තා කිරීම විධිමත් සහ නිවැරදි අයුරින් සිදු කළ හැකි පසුබිමක් සකසයි. එස්තෝනියාව වැනි බොහෝ යුරෝපීය රටවල් ICD-11 සහ ආරක්ෂිත ඩිජිටල් වේදිකා මගින් රෝගීන්ගේ දත්ත සහ රක්ෂණ තොරතුරු ඒකාබද්ධ කරන ජාතික විද්‍යුත් සෞඛ්‍ය වාර්තා (National Electronic Health Record) පද්ධති ඒකාබද්ධ කිරීමෙන් මේ සම්බන්ධයෙන් දැනටමත් වැදගත් පියවර ගෙන ඇත.
නිදසුනක් ලෙස, එස්තෝනියාවේ X-Road වේදිකාව මගින් රෝහල්, රක්ෂණ සමාගම්, බෙහෙත් ශාලා මෙන්ම බදුකරණය සහ අනන්‍යතා පද්ධති පවා සම්බන්ධ කරමින් ක්ෂණික, සංකේතනය කරන ලද දත්ත හුවමාරුවකට ඉඩ සලසයි. එසේම ෆින්ලන්තයේ කැන්ටා සේවා (Kanta Services) මගින් පුරවැසියන්ට වෛද්‍ය වාර්තා සහ බෙහෙත් වට්ටෝරු සඳහා මධ්‍යම ඩිජිටල් දත්ත ගබඩාවක් සපයයි.
ශ්‍රී ලංකාව 2030 වසර වන විට පූර්ණ වශයෙන් ICD-11 අදාළ කර ගන්නා සහ නුතන වෛද්‍ය විද්‍යාව මෙන්ම සාම්ප්‍රදායික ආයුර්වේද වෛද්‍ය විද්‍යාව යන දෙකම ඒකාබද්ධ කරන ඒකීය විද්‍යුත් සෞඛ්‍ය වාර්තා පද්ධතියක් ක්‍රියාත්මක කරන දකුණු ආසියාවේ පළමු රට බවට පත්වීමේ තීරණාත්මක අවස්ථාවකට පැමිණ ඇත. මෙම පරිවර්තනීය දැක්ම ක්‍රියාත්මක කිරීමට පළමු පියවර ලෙස ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව දැනටමත් සෞඛ්‍ය අමාත්‍යාංශය සහ අදාළ සෞඛ්‍ය සේවා වෘත්තිකයන් සමග සාකච්ඡා ආරම්භ කර ඇත.
පුරවැසියන් සඳහා මෙම වෙනස වැදගත් වන්නේ ඇයි?
ICD-11 සහ විද්‍යුත් සෞඛ්‍ය වාර්තා වටා ගොඩනැගුණු ඩිජිටල් වශයෙන් පරිවර්තනය කරන ලද සෞඛ්‍ය පද්ධතියකින් වඩා වේගවත්, ආරක්ෂිත සහ නිරවද්‍ය සේවාවක් ලබා දිය හැකිය. එමගින් සෑම පුරවැසියකුටම තම ICD - කේතගත වෛද්‍ය ඉතිහාසය සහ ඕනෑම වේලාවක, ඕනෑම තැනක දී ප්‍රවේශ විය හැකි රක්ෂණ හිමිකම් තොරතුරු අඩංගු ආරක්ෂිත ඩිජිටල් සෞඛ්‍ය හැඳුනුම්පතක් ලබා ගත හැකිය. මෙමගින් වෛද්‍යවරුන්ට නිවැරදි තීරණ ගැනීමට, රෝග විනිශ්චය දෝෂ අවම කිරීමට සහ රෝහල් හරහා ලබාදෙන සේවාවේ අඛණ්ඩතාව සහතික කිරීමට හැකියාව ලබා දෙනු ලැබේ.
රක්ෂණ ඔප්පු හිමියන් සඳහා මෙම ඒකාබද්ධ කිරීම රක්ෂණකරුවන්ට රෝග විනිශ්චය තහවුරු කිරීමට සහ බාධාවකින් තොරව හිමිකම් ලබා දීමට ඉඩ සලසයි. එමගින් ප්‍රමාදය සහ ආරවුල් අවම කරයි. මෙහිදී වඩාත්ම වැදගත් වන්නේ සෞඛ්‍ය සේවා සහ රක්ෂණය කෙරෙහි වන විශ්වාසය, විනිවිදභාවය සහ වගවීම ප්‍රවර්ධනය කරමින් තමන්ගේම සෞඛ්‍ය දත්ත පාලනය කිරීමට මෙමගින් පුද්ගලයන්ට බලය ලබා දීමයි.
ආර්ථිකය සඳහා
සෞඛ්‍ය දත්ත පිළිබඳ කෘතිම බුද්ධිය මගින් සිදුකරන විශ්ලේෂණයට වෛද්‍ය නවෝත්පාදන, සායනික පර්‌යේෂණ සහ නිවාරණ සත්කාරක වැඩසටහන් ඉදිරියට ගෙන යා හැකිය. සෞඛ්‍ය ප්‍රවණතා පිළිබඳ වඩා හොඳ පුරෝකථනය, වඩා බුද්ධිමත් ලෙස මහජන මුදල් වියදම් කිරීම සහ රෝග ව්‍යාප්තිය කලින් හඳුනා ගැනීම සඳහා නිරවද්‍ය දත්ත හැකියාව ලබ දෙයි. අකාර්යක්ෂමතා අවම කිරීමෙන් සෑම වසරකම සෞඛ්‍ය සේවා වියදම් අපතේයැම වැළකීමෙන් රුපියල් බිලියන ගණනක් ඉතිරි කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකිවේ.
“සෞඛ්‍ය - ආරක්ෂිත දූපත් රාජ්‍යයක් (Health Secure Island Nation)”” බවට පත්වීමෙන් ශ්‍රී ලංකාව ඩිජිටල් සෞඛ්‍යය පිළිබඳ ගෝලීය ප්‍රමුඛයන්ට සමාන තලයකට ගෙන එනු ඇත. තවද, ආයුර්වේදය ICD-11 සමග ඒකාබද්ධ කිරීමෙන් ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමය ආරක්ෂා කිරීම පමණක් නොව සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාව ගෝලීය රක්ෂණයේ පිළිගැනීමද පර්‌යේෂණ සහයෝගීතා සඳහා සුදුසුකම් ලැබීමට ද හේතු වනු ඇත.
රක්ෂණ සමාගම් සඳහා
ICD-11 පිළිගැනීම සහ විද්‍යුත් සෞඛ්‍ය වාර්තා ඩිජිටල්කරණය කිරීමෙන් රක්ෂණ සමාගම් වෙත සැලකිය යුතු වාසි සැලසේ. සම්මත කරන ලද වෛද්‍ය කේතකරණය අවදානම් තක්සේරු කිරීමේ නිරවද්‍යතාව ඉහළ නන්වනු ඇත. එමගින් සියලු ආදායම් වෙත ප්‍රවේශ හැකියාව වැඩිවන අතර සහ දැරිය හැකි ප්‍රතිරක්ෂණය කරන ලද සෞඛ්‍ය නිෂ්පාදන නිර්මාණය කිරීමට හැකියාව ලැබේ. ඩිජිටල්කරණය කරන ලද වාර්තා කාලීන සත්‍යාපනයට (Real Time Verification) ඉඩ සලසයි. එමගින් වංචනික සහ හිමිකම් පෑම් ද්වීකරණය වීම අවම කිරීම, පරිපාලන වියදම් අඩු කිරීම සහ රක්ෂණ ඔප්පු හිමියන්ගේ තෘප්තිය ඉහළ නංවන අයුරින් වේගවත්ව හිමිකම් පියවීම සිදු කරයි.
සෞඛ්‍ය වයස (Health Age) රක්ෂණ වාරික ගණනය කිරීම සඳහා වැදගත් වන්නේ ඇයි?
නූතන රක්ෂණ භාවිතාවන් තුළ පුද්ගලයකුගේ ජන්ම වයස / උපන් වයසට වඩා සෞඛ්‍ය වයස සාධාරණ සහ පුද්ගලීකරණය කළ රක්ෂණ වාරික, අනුපාත තීරණය කිරීමේදී ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. ජන්ම වයස මෙන් නොව, සෞඛ්‍ය වයස පුද්ගලයකුගේ සත්‍ය කායික තත්ව, ජීවන රටා සහ රෝග ඉතිහාසය පිළිබිඹු කරයි. පුද්ගලයකුගේ සෞඛ්‍ය වයස ඩිජිටල් සෞඛ්‍ය දත්ත සහ පුරෝකථනය කළ හැකි විශ්ලේෂණ මගින් තීරණය කළ හැකිය.
නිදසුනක් ලෙස, නිසි ව්‍යායාම, සමබල ආහාර සහ අඩු රෝග අවදානම හේතුවෙන් සෞඛ්‍ය වයස අවුරුදු 30ක් වන 40 හැවිරිදි පුද්ගලයකුට නිදන්ගත රෝග හෝ ඉහළ අවදානම් සහිත හැසිරීම් හේතුවෙන් ජීව විද්‍යාත්මක වයස අවුරුදු 55ක් වන ජන්ම වයස 40 හැවිරිදි පුද්ගලයකුට, වඩා අඩු වාරිකයක් හිමි විය යුතුය. සෞඛ්‍ය වයස වාරික ගණනය කිරීම්වලට ඇතුළත් කිරීමෙන් වාරික මගින් ජන විකසන සාමාන්‍යකරණයට වඩා (Demographic Generalization) සැබෑ සෞඛ්‍ය අවදානම් පිළිබිඹු කරන බව සහතික කරනු ලැබේ. එමගින් රෝග වළක්වා ගැනීමේ හැසිරීම, සාධාරණත්වය සහ සුවතාව පදනම් කරගත් දිරිගැන්වීම්, සිදු කරනු ලැබේ. එමගින් වට්ටම්, හිමිකම් ප්‍රසාද දීමනා හෝ සුවතා ණය මගින් සෞඛ්‍ය සම්පන්න ජීවන රටා අගය කිරීමට ද රක්ෂණ සමාගම්වලට ඉඩ සලසනු ලැබේ.
කෙසේ වුවද, මෙම සංකල්පය සාර්ථකව අදාළ කර ගැනීම සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ ඩිජිටල්කරණය කළ සහ සම්මත වෛද්‍ය දත්ත මතය. රක්ෂණ සමාගම්වලට සෞඛ්‍ය වයස ගණනය කිරීම සඳහා විශ්වාසදායක පුරෝකථනය කළ හැකි ආකෘති සැකසිය හැක්කේ නිරවද්‍ය ICD-11 කේතීකරණය සහ විද්‍යුත් සෞඛ්‍ය වාර්තා ඒකාබද්ධ කිරීම හරහා පමණි. එබැවින්, ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය දත්ත පරිවර්තනය හුදෙක් පරිපාලනමය ක්‍රියාවලියක් නොවේ. එය වඩාත් සාධාරණ සහ දත්ත මත පදනම් වූ රක්ෂණ අනාගතයක් සඳහා වන පදනමකි.
පුද්ගලාරෝපණය කළ රක්ෂණ විසඳුම් මෙහෙයවීම සඳහා ඩිජිටල් සෞඛ්‍ය දත්ත ප්‍රයෝජනයට ගැනීම
නිරවද්‍ය ICD-11 කේතීකරණය මගින් අවදානම් තක්සේරුව ඉහළ නංවන අතර, එමගින් විවිධ ආදායම් කොටස්වලට ගැළපෙන පරිදි කොටස් කරන ලද, පූර්ව-ප්‍රතිරක්ෂිත සෞඛ්‍ය නිෂ්පාදන සංවර්ධනය කිරීමට රක්ෂණ සමාගම්වලට ඉඩ සලසනු ලැබේ. මෙය වඩා වැඩි අන්තර්ග්‍රාහී බවක් දිරිමත් කරන අතර අඩු ආදායම්ලාභී සහ අවිධිමත් අංශයේ ජනතාව අතර රක්ෂණාවරණය පුළුල් කරනු ඇත.
කෘතිම බුද්ධිය මගින් බල ගැන්වූ විශ්ලේෂණ ඒකාබද්ධ කිරීමෙන් රෝගවලට අදාළ ප්‍රවණතා පුරෝකථනය කිරීමට, මතුවෙමින් පවතින අවදානම් හඳුනා ගැනීමට සහ ක්‍රියාශීලීව නව්‍ය රක්ෂණ නිෂ්පාදන සැලසුම් කිරීමට රක්ෂණ සමාගම්වලට හැකියාව ලබා දෙනු ලැබේ. මෙය රක්ෂණ සමාගම්වලට හිමිකම් පියවන්නන් පමණක් වීමෙන් ඔබ්බට ගොස්, නිවාරණ සෞඛ්‍ය සේවාවේ ක්‍රියාකාරී ප්‍රවර්ධකයන් බවට පත් වීමට ඉඩ සලසයි. එමගින් ලාබදායීතාව මෙන්ම මහජන යහපැවැත්ම ඉහළ නංවයි.
එස්තෝනියාවෙන් ලද පාඩම් සහ ඉන් ඔබ්බට
එස්තෝනියාවේ සාර්ථකත්වය බොහෝ විට ගෝලීය මිණුම් දණ්ඩක් ලෙස උපුටා දක්වයි. එහි X-Road පද්ධතිය මගින් සෞඛ්‍ය සේවා, බදුකරණය සහ රක්ෂණය වැනි බහුවිධ අංශ සම්බන්ධ කරමින් බලයලත් පාර්ශ්ව අතර ක්ෂණික, ආරක්ෂිත දත්ත හුවමාරුවකට ඉඩ සලසනු ලැබේ. සෞඛ්‍ය දත්තවලින් සියයට 99 කට ආසන්න ප්‍රමාණයක් ඩිජිටල්කරණය කර ඇති අතර එමගින් මිනිත්තු කිහිපයක් ඇතුළත හිමිකම් පියවීමට සහ වංචාව මුළුමනින්ම ඉවත් කිරීමට හැකි වී ඇති බව වැදගත් වේ. පුරවැසියන් තනි ප්‍රවේශ පද්දතියක් හරහා සිය රෝග ඉතිහාසය, බෙහෙත් වට්ටෝරු සහ රක්ෂණ වාර්තා වෙත ප්‍රවේශ වන අතර එමගින් විශාල පහසුවක් සහ විශ්වාසයක් ඇති කර තිබේ.
මෙම ක්‍රමය භාවිත කරන එකම රට එස්තෝනියාව නොවේ. යුරෝපීය රටවල් රැසක් ICD-11 අනුකූලතාව කරා ගමන් කරමින් එය තම සෞඛ්‍ය තොරතුරු පද්ධතිවලට ඒකාබද්ධ කිරීමේ නියමු ව්‍යාපෘති ක්‍රියාත්මක කරයි. ශක්තිමත් නායකත්වයක්, ස්ථීර දත්ත පාලනයක් සහ ඵලදායී බහු-ආංශික සහයෝගීතාවක් තිබේ නම්, ශ්‍රී ලංකාවේ අපේක්ෂාව අභිලාෂකාමී මෙන්ම සාක්ෂාත් කරගත හැකි බව මෙම උදාහරණ මගින් පෙන්නුම් කරයි. මෙම අභිලාෂයට ළඟාවීම සදහා අවශ්‍ය රාජ්‍ය නායකත්වය දැන් පවතින බව මාගේ විශ්වාසයයි.
ප්‍රතිපත්ති සහ නියාමන ප්‍රමුඛතා
මෙම දැක්ම සාක්ෂාත් කර ගැනීම සඳහා, ශ්‍රී ලංකාව කළ යුතු දේ:
සියලුම සෞඛ්‍යාරක්ෂණ සේවා රජය සැපයීම්කරුවන් හරහා ICD-11 කේතනය කිරීම අනිවාර්යය කිරීම සහ වෛද්‍යවරුන්, කේතකරුවන් සහ දත්ත කළමනාකරුවන් සඳහා රටපුරා පුහුණු වැඩසටහන් පැවැත්වීම.
පිරිවැය විෂමතා සහ අධික ලෙස ගාස්තු අය කිරීම අවම කිරීමට රෝහල් සහ වෘත්තීය සේවා සඳහා ප්‍රමිතිගත මිලකරණ (Standardized pricing) සහ බිල්පත් සැකසීමේ මාර්ගෝපදේශ සංවර්ධනය කිරීම.
නිරවද්‍ය දත්ත සහ අවදානම් මත පදනම් වූ මිලකරණ ආකෘති මගින් සහාය දක්වන, දැරිය හැකි, අන්තර්ග්‍රාහී සෞඛ්‍යාරක්ෂණ නිෂ්පාදන ප්‍රමාණය වැඩි කිරීම.
ඩිජිටල් සෞඛ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය සහ නවෝත්පාදනය වේගවත් කිරීම සඳහා රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්ව ප්‍රවර්ධනය කිරීම.
පෞද්ගලික රෝහල් සහ රක්ෂණ සමාගම් ඩිජිටල් සෞඛ්‍ය සහ දත්ත ආරක්ෂණ ප්‍රමිතීන්ට අනුකූල වන බව සහතික කිරීම සඳහා නියාමන අධීක්ෂණය ශක්තිමත් කිරීම.
මෙවැනි ප්‍රතිසංස්කරණ මගින් සෞඛ්‍ය ක්ෂේත්‍රය සහ රක්ෂණ පද්ධති විනිවිදභාවයෙන්, කාර්යක්ෂමව සහ සාධාරණව ක්‍රියාත්මක වන පරිසරයක් නිර්මාණය කරනු ඇත.
අනුමැතිය, අරමුදල් සැපයීම සහ ක්‍රියාත්මක කිරීම
රජයේ පුළුල් ඩිජිටල්කරණ න්‍යාය පත්‍රය හේතුවෙන් සහ ප්‍රධාන රාජ්‍ය අංශ ලබා ඇති ප්‍රගතිය මෙන්ම සෞඛ්‍ය අංශය තුළ දක්වා ප්‍රගතිය අගය කරන අතරම, මෙහි සඳහන් කරන න්‍යාය පත්‍රය සම්බන්ධීකරණයෙන් හා තිරසාර ආකාරයකින් ඉදිරියට ගෙන යාම සඳහා දේශපාලන මැදිහත්වීම තවදුරටත් ශක්තිමත් කිරීම අත්‍යවශ්‍ය වේ.
මෙම පරිවර්තනීය න්‍යාය පත්‍රයට ඉහළ මට්ටමේ දේශපාලන අනුමැතියක් අවශ්‍ය වේ. ජනාධිපතිතුමා සහ කැබිනට් මණ්ඩලය විසින් ඩිජිටල් සෞඛ්‍ය පරිවර්තනය ජාතික ප්‍රමුඛතාවක් ලෙස පිළිගැනීම, ආර්ථිකයට ඔරොත්තු දීමේ සහ සමාජ ඇතුළත් කිරීම ප්‍රවර්ධනය කිරීම සඳහා උපකාරී වනු ඇත.
ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සහ ලෝක සෞඛ්‍ය සංවිධානය වැනි ජාත්‍යන්තර සංවර්ධන ආයතන සමග අරමුදල් හවුල්කාරිත්ව ඇති කර ගත යුතු අතර, එමගින් තාක්ෂණික විශේෂඥ දැනුම සහ තිරසාර මූල්‍යකරණය වෙත ප්‍රවේශය සහතික කළ හැකිය.
තෘතීයික රෝහල් වලින් ආරම්භ වී 2030 වසර වන විට සියලුම සෞඛ්‍ය සේවා මට්ටම් දක්වා පුළුල් වන අදියරගත ජාතික වැඩසටහනක් මගින් රක්ෂණ සමාගම් සමග ව්‍යුහගත අදාළ කර ගැනීමක්, ධාරිතා සංවර්ධනයක් සහ ඒකාබද්ධ වීමක් සඳහා ඉඩ සලසනු ඇත.
එමෙන්ම අදාළ සියලුම පාර්ශව විසින් මෙහෙයවනු ලබන බහු-පාර්ශවීය සම්බන්ධීකරණ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම ද ඊට සමාන වැදගත්කමක් උසුලයි. මෙම සාමූහික පාලන රාමුව මගින් අනුකූලතාව, වගවීම සහ මැනිය හැකි ප්‍රගතිය සහතික කරනු ඇත.
වඩාත් සෞඛ්‍ය සම්පන්න, ධනවත් සහ වඩාත් ආරක්ෂිත ශ්‍රී ලංකාවක්
ICD-11 අදාළ කර ගැනීමෙන් සහ රක්ෂණය සමග ඒකාබද්ධ වූ විද්‍යුත් සෞඛ්‍ය වාර්තා පද්ධතියක් රටපුරා ක්‍රියාත්මක කිරීමෙන් මූල්‍ය අන්තර්ග්‍රාහී බව සහ ආර්ථික වර්ධනය ඉදිරියට ගෙන යමින් සෞඛ්‍ය සැපයීමේ විප්ලවීය වෙනසක් ශ්‍රී ලංකාවට සිදු කළ හැකිය.
සෑම ශ්‍රී ලාංකික පුරවැසියකුම ආරක්ෂිත ඩිජිටල් සෞඛ්‍ය හැඳුනුම්පතක් සමග ගමන් කරන, රක්ෂණ සමාගම් ක්ෂණිකව හිමිකම්පෑම් තහවුරු කරන, ආයුර්වේද ප්‍රතිකාර ජාත්‍යන්තරව පිළිගෙන රක්ෂණය කරන සහ කෙනකුගේ උපන් වර්ෂයට වඩා සෞඛ්‍ය වයසට ගැළපෙන වාරික පවතින අනාගතයක් පිළිබඳ සිතිම වැදගත්ය. මෙය සැබෑ කරගත නොහැකි සිහිනයක් නොවේ. එය දත්ත, තාක්ෂණය සහ විශ්වාසය මත පදනම් වූ සාක්ෂාත් කරගත හැකි දැක්මකි.
නවෝත්පාදනය කරා මෙහෙයවීමට, සාධාරණත්වය ප්‍රවර්ධනය කිරීමට සහ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා සහ රක්ෂණ පද්ධතිය තිරසර බවකින් යුත්තව පොදු ඉලක්කවලට සමගාමිව සංවර්ධනය වන බවට සහතික වීම සඳහා මෙම පරිවර්තනයට නායකත්වය දීමට ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව සූදානමින් සිටී.
අපි සැම එක්ව, ජාතික සමෘද්ධියේ ප්‍රධාන සාධකයක් සහ අනාගත පරම්පරාවට අපේක්ෂාවේ පහනක් බවට සෞඛ්‍යය සේවා පරිවර්තනය කරමු.

