
තාක්ෂණික සහකරු’ ලෙසින් හවුල්කාරීත්වයක් අරඹමින්, ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට ඉලෙක්ට්‍රොනික හා බුද්ධිමත් පද්ධති සම්බන්ධ ඉංජිනේරු විද්‍යාව විෂයෙහි පිරිනැමෙන ඉංජිනේරු විද්‍යා ගෞරව උපාධිය හඳුන්වා දීමට සූදානමින් සිටී. මෙම නව උපාධි පාඨමාලාව මගින්, බුද්ධිමත් තාක්ෂණයෙන් බලගැන්වෙන අනාගතයකට නායකත්වය දීම සඳහා ඉදිරි පරපුරක ඉංජිනේරුවරුන් නිර්මාණය කරනු ඇත.
ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට ඉදිරිපත් වන මෙම උපාධි වැඩසටහන 2026 අගෝස්තු මාසයේදී ආරම්භ වීමට නියමිතව තිබේ. ඉලෙක්ට්‍රොනික විද්‍යාව, කෘත්‍රිම බුද්ධි තාක්ෂණය (AI) සමග ඒකාබද්ධ කිරීමට සැලසුම් කර තිබෙන මෙම වැඩසටහනින්, බුද්ධිමත් තාක්ෂණයෙහි අනාගත අදියර හැඩගැස්වීම සඳහා උපාධිධාරීන් සූදානම් කෙරෙනු ඇත. එසේම, මෙම උපාධිය, උසස් (AI) තාක්ෂණය, සමෝධානිත පද්ධති සහ ස්වයංක්‍රීයකරණ තාක්ෂණය සමග ගැඹුරු ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු දැනුම ඒකාබද්ධ කිරීමෙන්, උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයට නව පරිවර්තනයක් හඳුන්වා දීම සඳහා සැලසුම් කර ඇත.
මෙම උපාධි වැඩසටහන සමගින් සිසුන්, රොබෝ තාක්ෂණය, ක්වොන්ටම් පරිගණකකරණය, cloud පහසුකම් මත පදනම් වූ(AI) තාක්ෂණය සහ තිරසාර තාක්‍ෂණය ඇතුළු ලෝකයේ පවතින අති නවීන තාක්ෂණික ක්ෂේත්‍රවලට ප්‍රවේශයක් ලබා ගනු ඇත. එසේම, ව්‍යාපෘතිවල නියැළෙමින් ඉගෙනීමට, කාර්මික පුහුණුව ලැබීමට සහ පර්යේෂණ වැඩසටහන් ඇරඹීමටද ඔවුන්ට ඉඩ හසර උදා වනු ඇත. මෙම වැඩසටහනට සහාය ලබාදීම සඳහා විශ්ව විද්‍යාලය විසින්, එම පීඨය තුළ PFLOPS-class GPU cluster එකක්ද ඇතුළුව උසස් තාක්ෂණයට අදාළ දෘඩාංග ගොඩනංවමින් සිටී. මීට අමතරව,AI තාක්ෂණය, ඩිජිටල් පරිවර්තනය සහ ජාතික මට්ටමේ උසස් තාක්ෂණික ව්‍යාපෘති සම්බන්ධයෙන් SLT-MOBITEL හි පවතින ප්‍රවීණත්වය සිසුන්ට වටිනා ප්‍රායෝගික අත්දැකීම් සමුදායක් ලබා ගැනීමට මග පාදා දෙනු ඇත.
AIතාක්ෂණයෙන් වැඩ ගැනීමට සූදානම් ඉංජිනේරුවරුන්ගේ මීළඟ පරම්පරාව සංවර්ධනය කිරීම යනු, රටවැසියන්ගේ ජීවිත වඩාත් දියුණු මට්ටමකට ගෙන ඒමටත්, ව්‍යාපාර සවිබල ගැන්වීමටත්, එසේම ජාතික ප්‍රමුඛතා ඉදිරියට ගෙන යන නවෝත්පාදන හඳුන්වා දීමටත්,SLT-MOBITEL දක්වන කැපවීම තවත් ඉදිරියට ගෙන යන පියවරකි. දැනුම බෙදා ගැනීමත්, තාක්ෂණ ක්ෂේත්‍රයට දොරටු විවර කර දීමත්, එසේම තාක්‍ෂණික සහයෝගීතාවයනුත් ඔස්සේ, පේරාදෙණිය විශ්ව විද්‍යාලය සමගSLT-MOBITEL පවත්වන සම්බන්ධතාව මත ගොඩනැංවෙන මෙම AI--තාක්ෂණය ඇතුළත් උපාධිය මගින්, SLT-MOBITEL සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලය අතර පවතින සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කෙරෙනු ඇත.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ තාක්ෂණික සහකරු ලෙසට,SLT-MOBITEL විසින්, ප්‍රායෝගික පර්යේෂණවලට සහ තාක්ෂණික සංවර්ධනයට සහාය වීමෙන්, සිසුන්ට තාක්ෂණ ක්ෂේත්‍රයේ සීමාවාසික පුහුණු අවස්ථා ලබා දීමෙන් මෙන්ම, ඉලෙක්ට්‍රොනික තාක්ෂණය, සමෝධානිත පද්ධති සහ ස්වයංක්‍රීයකරණ තාක්ෂණය ඒකාබද්ධ කෙරෙන ප්‍රායෝගික ලෝකයේ විසඳුම් හවුලේ නිර්මාණය කිරීමෙන්, මෙම උපාධි පාඨමාලාවේ සම්පූර්ණ ගමන් මග පුරාවටම සහාය ලබාදෙනු ඇත.

