නිමල කොඩිතුවක්කු
ශ්‍රී ලංකාව සහ තුර්කි ජන රජය අතර කෘෂිකාර්මික සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ දියුණු තාක්ෂණික ක්‍රමවේද භාවිත කරන තුර්කි ජනරජය සමග අන්‍යෝන්‍ය සහයෝගිතාව ඇති කර ගැනීමෙන් ශ්‍රී ලංකාවේ කෘෂි කර්මාන්තය සංවර්ධනය සඳහා ලැබෙන ප්‍රතිලාභ සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගෙන තිබේ.
ශ්‍රී ලංකාව සහ තුර්කි ජනරජය අතර කෘෂිකාර්මික සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම සඳහා 2021- පෙබරවාරි 15 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ.
එහෙත්, අදාළ අවබෝධතා ගිවිසුමට මෙතෙක් අත්සන් තබා නොමැත. එබැවින්, එකී අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම සඳහා වත්මන් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීම පිණිස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.