ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, පසුගිය දා කදිරවේලි සහ තම්පලමකමම් පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමග නැගෙනහිර පළාතේ සිය ශාඛා ජාලය තවත් පුළුල් කළේය.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ප්‍රධාන නිලධාරී - ව්‍යාපාර නාමලී ඒ සිල්වා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී- ජාතික විකුණුම් (ජීවිත) ජගත් වෙල්ගම, සහකාර සාමාන්‍ය අධිකාරී/කලාප ප්‍රධානී පී. සතියන්, නැගෙනහිර ප්‍රාදේශික කළමනාකාරීත්වයල ත්‍රිකුණාමලය සහ මඩකළපුව ශාඛා කළමනාකාරීත්වය, සම්භාවනීය ආරාධිතයන් සහ ඉහත ශාඛාවලට සම්බන්ධ පාරිභෝගිකයෝ ද සහභාගී වූහ.
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල ^Agency Business Development Center& වලින් පාරිභෝගිකයන්ට තවදුරටත් සමීපවෙමින් තම සේවා සැපයීමට අවස්ථාව සැලසෙන අතර, ඔවුන්ගේ සියලුම රක්ෂණ අවශ්‍යතා පහසුවෙන් සහ වේගවත්ව සපුරා දීමට කටයුතු කරයි.