විමුක්ති එස් රුද්‍රිගු
සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා පවතින වෙළෙඳ ක්‍රමයේ නීති ලිහිල් කිරීමට බ්‍රිතාන්‍ය ගත් තීරණය සාදරයෙන් පිළිගන්නා බව ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය පෙරේදා (19) ප්‍රකාශ කළේය.
වෙළෙඳ නීති ලිහිල් කිරීම හේතුවෙන් බ්‍රිතාන්‍යයට අපනයනය කරන ඇඟලුම් නිෂ්පාදන සඳහා ලෝකයේ ඕනෑම රටකින් සියයට සියයක් ප්‍රතිශතයක් දක්වා ඒ ඒ ඇඟලුම් නිෂ්පාදන මත පදනම්ව මෙරටට අමුද්‍රව්‍ය ගෙන්වා නිෂ්පාදන කටයුතු සිදුකිරීමට මෙරට ඇඟලුම් නිෂ්පාදකයන්ට අවස්ථාව හිමිවේ. ලිහිල් කළ නීති ලබන වසර මුලදී ක්‍රියාත්මක වීමට නියමිතය. මෙරට ඇඟලුම් නිෂ්පාදන සඳහා බ්‍රිතාන්‍ය ඉතා වැදගත් වෙළෙඳපොළක් බවද එම සංසදය පැවැසුවේය. ලිහිල් කරන ලද නීති හේතුවෙන් මෙරට ඇඟලුම් නිෂ්පාදකයන්ට ගෝලීය වෙළෙඳපොළ තුළ වඩාත් ඵලදායී ලෙස තරඟ කිරීමට අවස්ථාව ලැබෙන බවත් අමු ද්‍රව්‍ය ලබාගැනීමේ උපාය මාර්ග විවිධාංගීකරණය කිරීමට අවස්ථාව හිමිවන බවත් එම සංසදය පෙන්වා දුන්නේය.