වැලිබල් ෆිනෑන්ස් සහ ටොයොටා ලංකා එක්ව ශ්‍රී ලංකාවේ පළමු සංකල්ප මධ්‍යස්ථානය ආරම්භ කරයි


වැලිබල් ෆිනෑන්ස් කළමනාකාර අධ්‍යක්ෂ ජයන්ත රන්ගමුව, ටොයොටා ලංකා (පුද්ගලික) සමාගමේ සභාපති මසාකි කවබටා සහ කළමනාකාර අධ්‍යක්ෂ මනෝහර අතුකෝරල යන මහත්වරු සංකල්ප මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට පැමිණෙමින්...



වැලිබල් ෆිනෑන්ස් සහ ටොයොටා ලංකා (පුද්ගලික) සමාගම අතර ඇති කරගත්  හවුල්කාරිත්වයක ප්‍රතිඵලයක් ලෙස පසුගියදා බොරැල්ල වැලිබල් ෆිනෑන්ස් ශාඛා පරිශ්‍රයේදී පුරෝගාමී සංකල්ප මධ්‍යස්ථානයක් නිල වශයෙන් විවෘත කිරීම සිදු විය.

ඒ අනුව මෙය  මුල් පෙළේ දේශීය මූල්‍ය සේවා සැපයුම්කරුවකු සහ ගෝලීය වශයෙන් විශ්වාසදායක මෝටර් රථ සන්නාමයක් එකම වහලක් යටට ගෙන එමින්, රට තුළ පිහිටවුණු මෙවැනි ආකාරයේ පළමු සංකල්ප මධ්‍යස්ථානය ලෙසද ඉතිහාසයට එක් වෙයි. 

විශේෂයෙන්ම මෙම මුලපිරීම සැලසුම් කර ඇත්තේ ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ට වාහන මිලදී ගැනීම සඳහා බාධාවකින් තොරව, අවසානය දක්වා විසඳුමක් ලබා දීම සඳහා බව වැලිබල් ෆිනෑන්ස් පවසයි. එසේම ලෝක මට්ටමේ ටොයොටා මෝටර් රථ සඳහා ප්‍රවේශය සකස් කිරීම සහ නම්‍යශීලී මූල්‍ය විසඳුම් එකිනෙක සම්බන්ධ කිරීමත් මෙහි අරමුණකි.  

අද වනවිට ශ්‍රී ලංකාවේ ඉහළම මූල්‍ය සමාගම් පහ අතරට ශ්‍රේණිගත කර ඇති වැලිබල් ෆිනෑන්ස් සහ ශ්‍රී ලංකාවේ ටොයොටා වාහන සඳහා බලයලත් බෙදාහරින්නා වන ටොයොටා ලංකා අතර උපායමාර්ගික පෙළගැස්මක් මෙම සහයෝගීතාවෙන් පිළිබිඹු වන බව පවසයි.  

ඒ අනුව කාර්යක්ෂම සහ පාරිභෝගික කේන්ද්‍රීය මූල්‍ය විසඳුම් සමඟ උසස් මෝටර් රථ තාක්‍ෂණය ඒකාබද්ධ කරවීම හරහා, වාහන මිලදී ගැනීමේ අත්දැකීම නැවත අර්ථ දැක්වීම මෙම සංකල්ප මධ්‍යස්ථානයේ අදහස වී තිබේ.  

මේ හරහා ගනුදෙනුකරුවන්ට වැලිබල් ෆිනෑන්ස් විසින් පිරිනමනු ලබන විධිමත්, වේගවත් ක්‍රියාවලි හරහා ලැබෙන මූල්‍ය විසඳුම් ලබා ගන්නා අතරම, පුළුල් පරාසයක ඇති ටොයොටා වාහන මිලදී ගැනීමේ අවස්ථාව ලබා දෙයි. 

මෙම විවෘත කිරීමේ උත්සවයට වැලිබල් ෆිනෑන්ස් හි කළමනාකාර අධ්‍යක්ෂ ජයන්ත රන්ගමුව, ටොයොටා ලංකා (පුද්ගලික) සමාගමේ සභාපති මසාකි කවබටා සහ කළමනාකාර අධ්‍යක්ෂ මනෝහර අතුකෝරල යන මහත්වරුන් සහභාගී වූහ.