මහජන බැංකුවට අනුබද්ධිත සමාගමක් වන පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆයිනෑන්ස් පී.එල්.සී සමාගමට පූර්ණ අනුබද්ධිත සමාගමක් වන පීපල්ස් මයික්‍රෝ - කොමර්ස් තම 15 වැනි සංවත්සරය ඉතා උත්කර්ෂවත් ලෙස පසුගිය දා කොළඹ හිල්ටන් හෝටලයේදී පවත්වන ලදී.
මෙහිදී සමාගමේ අසමසම ජයග්‍රහණ සැමරීම සඳහා වෙළෙඳ හවුල්කරුවන් සහ මූල්‍ය හවුල්කරුවන්, ඇතුළු ගෞරවනීය ආරාධිතයන් හා 300 කට වැඩි PML කාර්ය මණ්ඩලයක් කොළඹ හිල්ටන් හෝටලයට එකතු විය. සංස්කෘතිකාංග සහ පිළිගැනීම් ඇතුළත් මෙම වර්ණවත් සන්ධ්‍යාව, PML හි ප්‍රගතිය පිටුපස සිටින සේවකයන්ගේ හෘදයාංගම උත්සාහය සහ කැපවීම අභිමානවත් ලෙස සම්මානයට පත්කළා පමණක් නොව, ශ්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන ක්ෂුද්‍ර මූල්‍ය ආයතනයක් ලෙස PML ආයතනය ඉස්මතු වීම ද අවධාරණය කළේය.
PML සමාගම යනු දැනට රුපියල් බිලියන 7 කට වැඩි ණය කළඹක් ඉක්මවා ඇති අතර, අක්‍රීය ණය (NPA) අනුපාතය සියයට 1.5 ක සහ ණය එකතු කිරීමේ අනුපාතය සියයට 99.25 ක මට්ටමේ පවත්වා ගනිමින් ශ්‍රී ලාංකික ගනුදෙනුකරුවන් ලක්ෂයකට අධික සංඛ්‍යාවකට සිය ජීවිත සංවර්ධනයට උරදෙන ආයතනයකි.
මෙහිදී අලෙවිකරණයේ සහ, ණය එකතු කිරීමේ විශිෂ්ටත්වයේ සිට, සහයෝගීතා සේවා මෙන්ම කලාපීය සුපරීක්ෂකවරයන්ගේ සහ ශාඛා නිලධාරීන්ගේ විශිෂ්ටත්වය අගය කරමින් සම්මාන 68 ක් පිරිනැමුණු අතර, සමාගමේ ප්‍රගමනයට දායක වූ සේවකයන් අතර දශකයකට හෝ ඊට වැඩි සේවාවක් ඉටුකළ අය සඳහා ද විශේෂ සේවා සම්මානයක් ද පිරිනමන ලදී.
මෙම රාත්‍රියේ සුවිශේෂී අවස්ථාව වූයේ, සමාගමේ වර්ධනයට පරිවර්තනීය බලපෑමක් ඇතිකළ අසමසම කැපවීම සහ විශිෂ්ට ලෙස දායකත්වයක් දැක්වූ තනි සේවකයකුට හිමිවන සභාපති සම්මානය කැකිරාව ශාඛාව නියෝජනය කරමින් ළහිරු නුවන් මහතා විසින් දිනා ගැනීමයි.