සුජිත් හේවාජුලිගේ සහ විමුක්ති එස් රුද්‍රිගු
ව්‍යාපෘති කළමනාකරණ ආයතනයේ ශ්‍රී ලංකා ශාඛාව විසින් 8 වැනි වරටත් සංවිධාන කරනු ලබන ජාතික ව්‍යාපෘති කළමනාකරණ විශිෂ්ටතා සම්මාන උළෙල (2025) සහ ඊට සමගාමීව පැවැත්වෙන ව්‍යාපෘති කළමනාකරණ සමුළුව කොළඹ කිංග්ස්බරි හෝටලයේදී ඔක්තෝබර් මස 24 වැනිදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.
ජාතික ව්‍යාපෘති කළමනාකරණ විශිෂ්ටතා සම්මාන උළෙලේදී මෙම වසරේ අවසන්වූ සියලුම ව්‍යපෘති ඇගයීමට ලක්කර ඒවායේ විශිෂ්ටයන්ට කාණ්ඩ 28 ක් යටතේ සම්මාන පුද කිරීමට නියමිතය.
ව්‍යාපෘති කළමනාකරණ ආයතනයේ ශ්‍රී ලංකා ශාඛාව ව්‍යාපෘති කළමනාකරණ ක්ෂේත්‍රයේ ලොව ප්‍රමුඛතම ආයතනයකි.
ජාතික සමුළුව ඔක්තෝබර් මස 24 වැනිදා උදේ 9.00 සිට පස්වරු 4.30 දක්වා පැවැත්වෙන අතර විශිෂ්ටතා සම්මාන උළෙල එදින සවස 6.30ට ඇරඹේ.
සම්මාන උළෙලට දෙස් විදෙස් ව්‍යාපෘති කළමනාකරුවන් දහසක් පමණ සහභාගීවීමට නියමිතය. එසේම සමුළුවට රාජ්‍ය හා පෞද්ගලික අංශයේ නියෝජිතයන් සහ වෘත්තීයවේදීන් 500 කට අධික පිරිසක්ද සහභාගී වෙතැයි අපේක්ෂා කෙරේ. මෙවර සමුළුවේ තේමාව ”ඩිජිටල් මානසිකත්වය, මානව නායකත්වය: කෘතීම බුද්ධිය ව්‍යාපෘති විශිෂ්ටත්වයට උත්ප්‍රේරකයක් ලෙස” යන්නය.
මෙම වසරේ ව්‍යාපෘති අවසන් කළ පාර්ශ්වයන්ට [email protected] යන විද්‍යුත් ලිපිනයෙන් මෙම සම්මාන සඳහා අයැඳුම් කළ හැකිය.