පළමු මාස 6 දී රජයේ බදු ආදායම රුපියල් ට්‍රිලියන 2.2 ක්
පළමු මාස 6දී රජයේ වියදම රුපියල් ට්‍රිලියන 2.5 ක්
බදු නොවන ආදායමද සියයට 12 කින් වර්ධනය වෙලා
පළමු භාගයේදී රජයේ ප්‍රාග්ධන වියදම රුපියල් බිලියන 223.9 ක්
විමුක්ති එස් රුද්‍රිගු
මෙම වසරේ පළමු මාස 6 දී රජයේ බදු ආදායම රුපියල් ට්‍රිලියන 2.2 ක් බවත් එය පසුගිය වසරේ පළමු භාගයට සාපේක්ෂව සියයට 24.7 ක වර්ධනයක් බවත් මුදල් අමාත්‍යාංශයේ තාවකාලික නිල දත්ත වාර්තා පෙන්වා දුන්නේය. පසුගිය වසරේ පළමු භාගයේදී රජයේ බදු ආදායම රුපියල් ට්‍රිලියන 1.8 ක් බවත් එම දත්ත වාර්තාවල දැක්වේ.
එසේම පළමු මාස 6දී රජයේ වියදම රුපියල් ට්‍රිලියන 2.5 ක් බවත් පසුගිය වසරේ පළමු භාගයට සාපේක්ෂව සියයට 13 ක වර්ධනයක් බවත් එම දත්ත වාර්තාවල සඳහන් වේ. පසුගිය වසරේ පළමු භාගයේදී රජයේ වියදම රුපියල් ට්‍රිලියන 2.2 ක් බවත් එම දත්ත වාර්තාවල දැක්වේ. මෙම වසරේ අයවැයෙන් රජයේ වියදම් සඳහා රුපියල් ට්‍රිලියන 5.8 වෙන්වී තිබෙන බවද එම දත්ත වාර්තාවල සඳහන් වේ.
රජයේ බදු නොවන ආදායමද මෙම වසරේ පළමු මාස 6ට සාපේක්ෂව පසුගිය වසරේ පළමු භාගයේදී සියයට 12 කින් වර්ධනය වී ඇති බවත් මෙම වසරේ පළමු භාගයේදී රජයේ බදු නොවන ආදායම රුපියල් බිලියන 169.6 ක් බවත් එම දත්ත වාර්තාවල දැක්වේ.මෙම වසරේ පළමු භාගයේදී රජයේ ප්‍රාග්ධන වියදම රුපියල් බිලියන 223.9 ක් බවත් එය පසුගිය වසරේ පළමු භාගයට සාපේක්ෂව සියයට 9 ක පහළ යාමක් බවත් එම දත්ත වාර්තා පෙන්වා දෙයි.