ලෝක රොබෝ තාක්ෂණ ඔලිම්පියාඩ් තරගාවලිය ප්‍රථම වරට ශ්‍රී ලංකාවට


තරගකරැවන් තෝරා ගැනීම එළඹෙන 8 වැනිදා පස්වරැ 12.30 සිට පැවැත්වෙනු ඇති බව සෙරන්ඩිබ් ජාත්‍යන්තර පාසල කියයි.


විමුක්ති එස්. රුද්‍රිගු


ලොව ප්‍රමුඛතම රොබෝ තාක්ෂණ තරගාවලියක් වන ලෝක රොබෝ තාක්ෂණ ඔලිම්පියාඩ් තරගාවලිය ප්‍රථම වරට ශ්‍රී ලංකාවට පැමිණෙන බවත්, ඒ සඳහා ඉදිරිපත් වන මෙරට තරගකරුවන් තෝරා ගැනීම සිය පාසල සාඩම්බරයෙන් සංවිධානය කරන බවත් කොළඹ බුර්හානි සෙරන්ඩිබ් ජාත්‍යන්තර පාසල පසුගියදා ප්‍රකාශ කළේය.
තෝරා ගැනීම එළැඹෙන 8 වැනිදා පස්වරු 12.30 සිට පැවැත්වෙනු ඇති බවද සෙරන්ඩිබ් ජාත්‍යන්තර පාසල පැවැසුවේය. මෙම තරඟාවලිය ශ්‍රී ලංකාවේ සන්ධිස්ථානයක් සනිටුහන් කරන බවත් නවෝත්පාදනය, නිර්මාණශීලිත්වය පාදක කරගත් ගෝලීය වේදිකාවකට ගොඩවීමට තරුණ ශ්‍රී ලාංකිකයන්ට සිය පාසල අවස්ථාවක් සපයන බවත් සෙරන්ඩිබ් ජාත්‍යන්තර පාසල පැවැසුවේය.
ලෝක රොබෝ තාක්ෂණ ඔලිම්පියාඩ් තරගාවලිය තරගයකට වඩා වැඩි යමක් සපයන බවත්, එය කුතුහලය සහ තාක්ෂණය සැමරීමක් බවත් එම පාසල පෙන්වා දුන්නේය. ලොව පුරා සිටින සිසුන් දහස් ගණනක් මෙම තරඟාවලිය සඳහා එකතු වන බවත් මෙම වසරේ තේමාව අනාගතයේ රොබෝවරුන් වනු ඇති බවත් එම පාසල ප්‍රකාශ කළේය.