-
2030 වසර වන විට තේ කර්මාන්තයෙන් ඩොලර් බිලියන 2.5 ක ආදායම් ඉපැයීමේ ඉලකක්ය
යොහාන් භාසුර
ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය නැංවීමට පස් අවුරුදු සැලැස්මක් සකස් කර ඇති බවත් එම සැලැස්මට අනුව 2030 වසර වන විට තේ කර්මාන්තයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 2.5 ක ආදායම් ලැබීම ඉලකක්ය බවත් වැවිලි කර්මානත් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පැවසීය.
ජයවර්ධනපුර කෝටිටේදී පසුගියදා පැවැති තේ කර්මාන්ත ශාලාහිමියන්ගේ සංගමයේ වාර්ෂික මහ සභා රැස්වීමේදී අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා එසේ පැවසීය.
තේවලින් ඩොලර් බිලියන 2.5 ක්, පොල්වලින් ඩොලර් බිලියන 1.5ක්, රබර්වලින් ඩොලර් බිලියන 2 ක් සහ කුරුඳුවලින් ඩොලර් මිලියන 500 ක් ලෙස සමස්ත ආදායම් ඉලක්කය ඩොලර් බිලියන 6.5 ක් බව කී අමාත්‍ය විද්‍යාරත්න මහතා, මෙම ආදායමට ළඟාවීමට රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශයේ දායකත්වය ද බලාපොරොත්තු වන බව ද සඳහන් කළේය.
ජනතාවට විශ්වාසයෙන් යුතුව කර්මාන්තයක් ආරම්භ කිරීමට අවශ්‍ය පරිසරය මේ වන විට රට තුළ ඇති කර තිබෙන බවත්, මෙරට ජනතාව බොහෝමයක ආදායම විදේශ විනියම උත්පාදනය කරන කර්මාන්ත මත රැඳී තිබෙන බවත් ඒ මහතා කීය.
කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති, තේ කර්මාන්ත ශාලාහිමිකරුවන්ගේ සංගමයේ සභාපති ලයනල් හේරත් සහ ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති ආචාර්ය අලිරිසා ඩෙල්කොෂ් යන මහත්වරු ඇතුළු විහාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.