ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රය යළි ප්‍රතිනිර්මාණය සඳහා සන්ධිස්ථානීය පියවරක් තබමින්, ලංකා හොස්පිට්ල්ස් විසින් අවදානම් තත්ව සඳහා ප්‍රතිකාර සේවාව වන ලංකා ලයිෆ්ලයින් (Lanka LifeLine) සහ එහි පුළුල් පරාසයක විහිදුණු නිවාස ආශ්‍රිත සත්කාර සේවාව වන ලංකාකෙයාර් (LankaCare) නිල වශයෙන් දියත් කරන ලදී.
මෙම උත්සවය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි. මෙම අවස්ථාවට මිස් ශ්‍රී ලංකා 2025 කිරුළ හිමිකර ගත් අනුදි ගුණසේකර මෙනෙවිය සහ මිස්ටර් ශ්‍රී ලංකා කිරුළ හිමිකර ගත් මේඝ සූරියආරච්චි මහතා සහභාගී වූහ. ඔවුන් දෙදෙනාම රෝහල විසින් දියත් කළ සත්කාර සේවාවල ජනතා කේන්ද්‍රීය ප්‍රවේශය අගය කළහ. මෙම උත්සවයට විදේශීය රාජ්‍ය තාන්ත්‍රිකයන්, ප්‍රමුඛ වෛද්‍ය වෘත්තිකයන් සහ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන් ඇතුළු සම්භාවනීය හා ගෞරවනීය ආරාධිතයන් පිරිසක් සහභාගී වූ අතර, එය මෙම මුලපිරීමේ ජාතික වැදගත්කම සහ පොදුවේ සියලු අංශ කෙරෙහි ඉන් ඇති කළ බලපෑම පිළිබිඹු කරනු ලැබීය.
මෙම දියත් කිරීම ලංකා හොස්පිට්ල්ස් හි සුවිශේෂී හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරන ලද්දේ, එය සෞඛ්‍ය සේවාවේ සාම්ප්‍රදායික සීමා ඉක්මවා යන, රෝගී ජනතාව වෙතම වඩාත් යහපත් අභිප්‍රාය පෙරදැරිව ගමන් කරන නිසාවෙනි.
එහිදී, ඔවුන්ගේ නවතම අවදානම් තත්ව සඳහා ප්‍රතිකාර සේවාව වන ලංකාලයිෆ්ලයින්, අවදානම් තත්ව සඳහා ගොදුරු වූ රෝගීන්, අනතුරක් හෝ ස්වාභාවික විපතක් වැනි භයානක සිදුවීමක් සඳහා පැය 24 පුරා සහ අඛණ්ඩ ප්‍රතිචාර දැක්වීමේ පද්ධතියක් ලෙස ක්‍රියාත්මක කර ඇත. ඒ තුළින් ක්ෂණික සම්බන්ධීකරණය, ගිලන් රථ සූදානම් කිරීම, වේගවත් රෝහල් අතර මාරුවීම් සහ බහුවිධ අවදානම් තත්ව සඳහා විශේෂඥ වෛද්‍ය වෘත්තිකයන් සඳහා ප්‍රවේශය ඒකාබද්ධ කිරීමෙන් සියල්ල තනි අඛණ්ඩ ක්‍රියාවලියක් ලෙස සත්කාර ක්ෂේත්‍රයෙහි තීරණාත්මක හිදැසක් සම්පූර්ණ කර ඇත. එහෙත් මෙම සේවාව යටිතල පහසුකම් අභිභවා ගිය සේවාවක් බව පැවසිය යුතුය. එය සහකම්පනය කැටිකර ගත්, ප්‍රජා අවබෝධය සහ විවිධ සංස්කෘතී අතර ක්‍රියා කිරීමේ හැකියාවෙන් පරිණත වූ සේවාවකි. එහිදී, සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂාවන්ගෙන් සන්නිවේදනය කළ හැකි පුහුණු අවදානම් තත්ව සඳහා ප්‍රතිචාර දක්වන්නන්ගේ සේවය සමග ලංකාලයිෆ්ලයින්, කම්පනයට ගොදුරු වූවන් වෙත දක්වන ආරම්භක ප්‍රතිචාරය හෙවත් බොහෝ විට වඩාත්ම තීරණාත්මක අවධිය වේගවත් ක්ෂණික ප්‍රතිචාරයකින් නොනැවතීල වඩාත් සංවේදී, මානුෂීය සහ රෝගීන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල කනස්සල්ලට ගැඹුරින් අනුගත වන සේවාවක් සහතික කර ඇත.
ශ්‍රී ලංකාවේ අධික ලෙස පීඩාවට පත් ප්‍රජා අවදානම් තත්ව සඳහා ප්‍රතිකාර ඒකක වෙත පවතින දැඩි පීඩනය ලිහිල් කරමින්, ලංකාලයිෆ්ලයින් ජාතික සෞඛ්‍ය සේවාවේ බර බෙදාහදා ගැනීමට ලංකා හොස්පිට්ල්ස් දක්වන කැපවීම පෙන්නුම් කර ඇත.
මේ අතර, අනෙකුත් හඳුන්වාදීම වන ලංකාකෙයාර්, නිවසේදී පමණක් නොවල බොහෝ දුර බැහැර සිටින තම ආදරණීයයන් වෙත පවා වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම වඩාත් පහසු කර කර තිබේ. ඒ අනුවල ඔවුන් දේශීයව හෝ විදේශයන්හි පදිංචිව සිටියත් ශ්‍රී ලංකාවේ වෙසෙන තම ආදරණීයයන් සඳහා අඛණ්ඩ හා වෘත්තීයමය සෞඛ්‍ය සේවාවක් සහතික කිරීමට කැමති පවුල් සඳහා ලංකාකෙයාර් නිර්මාණය කර ඇත්තේ, රෝගියකුගේ නිවසට කැඳවන ඕනෑම තැනකට රෝහල් ශ්‍රේණියේ සහායක් ලබාදීම තහවුරු කරමිනි. ශල්‍යකර්මයකින් පසු රෝගී කළමනාකරණය සහ නිදන්ගත රෝග කළමනාකරණයේ සිට වැඩිහිටි සත්කාර සහ සහන සහාය දක්වා වූ මෙම සේවාව මගින්, පුද්ගල සායනික සත්කාර, දුරස්ථ අධීක්ෂණය සහ පවුල ඇතුළත් සම්බන්ධීකරණය යන සියලු
ක්ෂේත්‍රවල බාධාවකින් තොර සම්මිශ්‍රණයක් ලෙස පහසුකම් සලසා ඇත. එහිදී, සෙසු සේවාවලින් ලංකාකෙයාර් වෙන්කර හඳුනා ගැනීමට හැකිවන්නේ, එය රැකවරණය ලබාදෙන ස්ථානයකින් ඔබ්බට, විවිධ සංස්කෘති අතර වූ සංවේදීතාව සහ සහයෝගීතාවෙන් යුතු සුවිශේෂී සේවාවක් ලෙසිනි.
විශේෂඥ හෙද සේවය, භෞත චිකිත්සාව, ඖෂධ කළමනාකරණය සහ දුරකථන හරහා සිදුවන දුරස්ථ උපදේශන ලබාදෙන අතරම, විනිවිදභාවයෙන්, රෝගියාගේ ආරක්ෂාව යළි සහතික කරමින් පවුලේ සාමාජිකයන් සමග සමීපව කටයුතු කරනු ලැබේ. මෙම නවතම දියත් කිරීමේ කැපී පෙනෙන සිදුවීමක් වූයේ, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාට 1,000 වන ලංකාකෙයාර් සාමාජික කාඞ්පත උත්සවාකාරයෙන් භාරදීමත් සමගිනි.