Brand Finance Lanka වාර්ෂික ශ්‍රේණිගත කිරීමට අනුව 2025 වසරේ ශ්‍රී ලංකාවේ වටිනාම සන්නාමය ලෙස ලංකා බැංකුව නම් කෙරිණි. 2025 වසරේ ලංකා බැංකුවේ සන්නාම වටිනාකම රුපියල් බිලියන 57.4ක් වන අතර, එය පෙර වසරට සාපේක්ෂව සියයට 14.3ක වර්ධනයකි. Brand Finance Lanka යනු ලොව කීර්තිමත් ස්වාධීන සන්නාම තක්සේරුකරණ ආයතනයක් වන එක්සත් රාජධානියේ Brand Finance ආයතනයට අනුබද්ධිත ආයතනයක් වන අතර, එම ආයතනය සන්නාම ආයෝජනය, සන්නාම කොටස් සහ සන්නාම වර්ධනය යන කරුණු පදනම් කර ගනිමින් වාර්ෂිකව සන්නාම ශ්‍රේණිගත කිරීම සිදු කරයි. එමෙන්ම එම ආයතනය සවිස්තරාත්මක මූල්‍ය විශ්ලේෂණයක් සහ ස්වාධීන මහජන සමීක්ෂණයක් ද ඇතුළත්ව පදනම් වූ ක්‍රමවේදයක් හරහා අදාළ ශ්‍රේණිගත කිරීමේ කටයුතු සිදු කිරීම විශේෂිතය.
ලංකා බැංකුවල ශ්‍රී ලංකාවේ වටිනාම සන්නාමය බවට පත්වීම සඳහා ආදායම් මගින් ලාබ උත්පාදනය පමණක් නොවන බවත්, ලංකා බැංකුව ක්‍රියාත්මක කළ සාර්ථක අලෙවි ප්‍රවර්ධන වැඩසටහන්, ශක්තිමත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරකම්, සුවිශේෂී පාරිභෝගික සේවාව, වේගවත් ඩිජිටල් අනුවර්තනය, සමාජ සත්කාරක වැඩසටහන් මෙන්ම තිරසාරත්වය හා මහජන මතය ගොඩනැංවීම කෙරෙහි අවධානය යොමු කරමින් ක්‍රියාත්මක වීම ආදී වශයෙන් බොහෝ කරුණු මෙම ජයග්‍රහණයට හේතු වී ඇති බවත් පැවසිය යුතුමය. මෙම තීරණාත්මක ක්ෂේත්‍ර ආශ්‍රිතව ගොඩනගාගෙන ඇති විශිෂ්ටත්වය හරහා මෙරට මූල්‍ය ක්ෂේත්‍රය තුළ සිය ස්ථාවරය ගොඩනංවා ගැනීමට සමත් වී ඇති ලංකා බැංකුව, ජාතික සංවර්ධනය සඳහා සහයෝගය ලබා දෙන ප්‍රධානතම බලවේගයක් ලෙස හඳුන්වා දිය හැකි අතර, සිය ශක්තිමත්භාවය පිළිබිඹු කරමින්, ආර්ථික, සාමාජීය හා දේශපාලන අර්බුද පැවති කාල වකවානුවල පවා එම අභියෝගවලට සාර්ථකව මුහුණ දීමට සමත් විය.
පාස්කු දින ප්‍රහාරය, COVID-19 වසංගතය, ආර්ථික අර්බුදය, විදේශ විනිමය අර්බුදය තුළින් හටගත් ඉන්ධන හිඟය සහ දේශපාලන අස්ථාවරත්වය යන දුෂ්කරතා සහිත කාල පරිච්ඡේදය තුළ රටේ මූල්‍ය ක්ෂේත්‍රය ස්ථාවර කිරීම වෙනුවෙන් සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළ ලංකා බැංකුවල සිය ව්‍යාපාර පුනර්ජීවන සහ ප්‍රතිස්ථාපන ඒකකය (BRRU) හරහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් නගා සිටුවීමට මෙන්ම බිඳවැටුණු ව්‍යාපාර නැවත නගා සිටුවීමට සහයෝගය ලබාදීම පිළිබඳව ද සඳහන් කළ යුතුමය. එමෙන්ම තරුණ හා කාන්තා ව්‍යවසායකත්වය නැංවීමට මෙන්ම අපනයන ආශ්‍රිත ව්‍යාපාර නගා සිටුවීම කෙරෙහි සුවිශේෂී අවධානයක් යොමු කරමින් ක්‍රියාත්මක වන ලංකා බැංකුවල කෘෂිකාර්මික ක්ෂේත්‍රය ආශ්‍රිත කාර්යක්ෂමතාව හා තරගකාරිත්වය වර්ධනය කරමින් ඩ්‍රෝන තාක්ෂණය හඳුන්වා දීමට කටයුතු කිරීම ද විශේෂිතය. රට තුළ තිරසාර සංවර්ධනයක් ඇති කිරීම වෙනුවෙන් ලංකා බැංකුවේ කැපවීම මෙම සියලුම ක්‍රියාකාරකම් හරහා පිළිබිඹු වේ.
මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් ලංකා බැංකුවේ සභාපති කාවින්ද ද සොයිසා මහතා මෙසේ පැවසුවේය. “ලංකා බැංකුව සාමාන්‍ය බැංකුකරණයෙන් ඔබ්බට ගොස්, ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමෙහිලා ප්‍රධාන හස්තයක් ලෙස කටයුතු කරන බව පැවසිය යුතුමයි. ලංකාවේ වටිනාම සන්නාමය ලෙස පිළිගැනීමට ලක්වීම තුළින් අපගේ වාර්තාගත මූල්‍ය වර්ධනයට වගේම දේශීය ආර්ථිකය සහ ජනතාව බලගැන්වීම වෙනුවෙන් අප දියත් කළ වැඩසටහන්වල සාර්ථකත්වයටත් උදාහරණ සපයනවා. ඒ වගේම ඕනෑම අභියෝගයකට මුහුණ දිය හැකි, ආර්ථිකමය වශයෙන් ශක්තිමත් ලංකාවක් ගොඩනැංවීම වෙනුවෙන් අපි නිරන්තරයෙන් කැප වෙනවා. මෙම ජයග්‍රහණය වෙනුවෙන් අප කෙරෙහි අඛණ්ඩ විශ්වාසයෙන් යුතුව කටයුතු කරන අපගේ ගනුදෙනුකරුවන්ට සහ සාර්ථකත්වය වෙනුවෙන් නිරන්තරයෙන් කැප වන අපගේ කාර්ය මණ්ඩලයට ස්තුතිවන්ත වීමට මම මෙය අවස්ථාවක් කර ගන්නවා.”
ලංකා බැංකුවේ නවතම හඳුන්වාදීම වන BOC Flex ඩිජිටල් සේවාවල ලංකා බැංකුව ගනුදෙනුකරුවන්ගේ පහසුව මෙන්ම තිරසාරත්වය කෙරෙහි ද අවධානය යොමු කරමින් ක්‍රියාත්මක වන බවට හොඳම සාක්ෂියක් වන අතර, BOC SmartPay වැනි ඩිජිටල් සේවාවලට අමතරව ශාඛා 660ක් ඇතුළු 2300කට අධික ගනුදෙනුකාර සේවා මධ්‍යස්ථාන ජාලය හරහා ලංකා බැංකුව මෙරට නාගරික මෙන්ම ග්‍රාමීය ජනතාවට ද සේවය සලසයි.
මෙහිදී අදහස් දක්වමින් ලංකා බැංකුවේ මහා කළමනාකරු/ ප්‍රධාන විධායක නිලධාරී රසල් ෆොන්සේකා මහතා මෙසේ පැවසුවේය. “මෙම ජයග්‍රහණය මූල්‍ය විනයක් සහිතව සාර්ථක උපාය මාර්ග ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිඵලයක්. නවීන තාක්ෂණය භාවිතය සහ ගෝලීය ප්‍රමිතියෙන් යුත් සේවා කළඹ හරහා අපට අපගේ ආයතනික ක්‍රියාවලිය වගේම මෙරට ව්‍යාපාරික ක්ෂේත්‍රයත් පරිවර්තනීය වර්ධනයකට ලක් කිරීමට හැකි වී තිබෙනවා,“
මෙම සියලු ජයග්‍රහණ සමගින් ලංකා බැංකුවල 2025 වසරේ ශ්‍රී ලංකාවේ වටිනාම සන්නාමය ලෙස ඇගයීමට පාත්‍ර වීම, දශක ගණනාවක් පුරා ගොඩනංවාගෙන ඇති විශ්වාසය, අභියෝගවලට මුහුණදීමේ හැකියාව සහ ජාතිකත්වය පිළිබිඹු කරන අතර, ශ්‍රී ලංකාවේ ආර්ථික තිරසාර සංවර්ධනය කරා ගෙන යාම වෙනුවෙන් ලංකා බැංකුව අඛණ්ඩව කැපවන බව මහා කළමනාකාරවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේය.
The Banker සඟරාව විසින් 2025වසරේ ලොව හොඳම බැංකු 1000 අතරට යළි යළිත් නම් කෙරුණු ප්‍රමුඛතම ශ්‍රී ලාංකේය බැංකුව ලෙසත්, 2021, 2023 හා 2024 වසරවල වසරේ බැංකුකරු ලෙසත් ශ්‍රේණිගත කෙරුණු ලංකා බැංකුවල එම සඟරාව විසින් සංවිධානය කරන ලද ‘Islamic Banking Awards 2025’ සම්මාන උළෙලේ දී ‘Islamic Retail Bank of the Year - Asia’ සම්මානය දිනා ගැනීම වැනි ජාත්‍යන්තර ඇගයීම්වලට ද පාත්‍ර විය.