රැපියල් බිලියනයක Resus Energy නිකුතුවට CSE අනුමැතිය


භානුක අමරසිංහ
මෙරට පුනර්ජනනීය බලශක්ති සමාගමක් වන  Resus Energy PLC  සමාගම රුපියල් බිලියන 1ක් රැස් කරගැනීම සඳහා සැලසුම් කළ ණයකර නිකුතුවට කොළඹ කොටස් හුවමාරුවේ අනුමැතිය හිමිව ඇතැයි පවසයි. ලැයිස්තුගත, වර්ගකෙරුණු, සුරක්ෂිත නොවූ, ජ්‍යෙෂ්ට, පිරිමුදවා ගතහැකි හරිත බැඳුම්කර ලෙස මෙම ණයකර නිකුතුව සිදු කිරීම සැලසුම වී තිබේ. 
මෙහිදී ණයකර කොටස් මිලියන 10ක් නිකුත් කිරීම සැලසුම වී ඇති අතර, එක් කොටසක් රුපියල් 100ක් බැගින් සමස්ත නිකුතුවෙහි වටිනාකම රුපියල් බිලියන 1කි. මෙම ණයකර කොටස් මිලදී ගැනීම සඳහා විවෘත කිරීම ලබන ජූනි 25 වැනිදා සිදු කිරීමට නියමිතය. මෙහිදී අදාළ ණයකර A සහ B ලෙස කාණ්ඩ කර තිබේ. ඒ අතරින් A කාණ්ඩය වසර හතරකින් කල් පිරෙන ලෙස නිකුත් කෙරෙන අතර, ඊට ලබා දෙන වාර්ෂික ස්ථාවර කූපන් පොලී අනුපාතය සියයට 11.55 කි.