- රැස් කරගැනීමට සමත්ව ඇති සමස්ත ආදායම රුපියල් බිලියන 346.58ක්
- බදු ආදායම් රැස් කරගැනීම රුපියල් බිලියන 321.48ක්
භානුක අමරසිංහ
මේ වසරේ ජනවාරි මාසයේදී රජය විසින් රැස් කරගැනීමට සමත්ව ඇති සමස්ත ආදායම රුපියල් බිලියන 346.58ක් ලෙස සටහන්ව තිබේ. මෙය 2024 වසරේ ජනවාරි මාසයේදී රැස් කරගත් රුපියල් බිලියන 283.19ක ආදායම හා සැසඳීමේදී රුපියල් බිලියන 63.45 ක ඉහළයාමකි.
මේ අතරින් 2025 ජනවාරි මාසයේදී බදු ආදායම් රැස් කරගැනීම රුපියල් බිලියන 321.48ක් ලෙස සටහන්ව තිබේ. 2024 ජනවාරි මාසයේදී එය රුපියල් බිලියන 257.57ක් විය.
මේ වසරේ ජනවාරි මාසයේදී රජය විසින් රැස් කරගෙන ඇති බදු නොවන ආදායම්වල වටිනාකම රුපියල් බිලියන 25.10කි. එය පෙර වසරේ එම මාසයේදී රැස් කරගත් ආදායම වූ රුපියල් බිලියන 25.55 සැසඳීමේදී සුළු පහත වැටීමකි.
මේ අතර 2024 වසරේදී රජය රැස් කරගැනීමට සමස්ත වූ සමස්ත බදු ආදායම රුපියල් බිලියන 4,030.84 කි. එය 2023 වසරේ රැස් කරගැනීමට සමත් වූ රුපියල් බිලියන 3,048.82 හා සැසඳීමේදී රුපියල් බිලියන 982.02 ඉහළ යාමකි. පසුගිය වසරේදී රජය බදු ආදායම් ලෙස රුපියල් බිලියන 3,704.58ක් රැස් කරගැනීමට සමත් වූ අතර, රැස් කරගත් බදු නොවන ආදායම රුපියල් බිලියන 326.26 ක් විය.