රග්බි ක්‍රීඩක කීරන් ගේ ශ්‍රී ලංකා සංචාරයේ නිල පෞද්ගලික මෝටර් රථ සහකරු හේලීස් මොබිලිටි




හේලීස් මොබිලිටි ලිමිටඩ් විසින් කොළඹ අල්ටෙයාර් පරිශ්‍රයේ පිහිටි සිය OJ ප්‍රදර්ශනාගාරයේදී සුවිශේෂී සන්ධ්‍යාවක් සංවිධානය කර තිබුණි. 

එම සන්ධ්‍යාවේ සුවිශේෂීම අවස්ථාව වූයේ දෙවරක් රග්බි ලෝක ශූරතාව දිනූ, නවසීලන්ත ‘ඕල් බ්ලැක්ස්‘ (All Blacks) කණ්ඩායමේ හිටපු නායක කීරන් රීඩ් සමග පැවැත්වූ පෝඩ්කාස්ට් (Podcast) සාකච්ඡාවයි. මෙම සාකච්ඡාවේදී නායකත්වය, අභියෝග හමුවේ නොසැලී සිටීම සහ වෘත්තීය රග්බි ක්‍රීඩාවේ අත්දැකීම් පිළිබඳව කීරන් රීඩ් අදහස් දැක්වූ අතර, එම අදහස් කාගේත් අවධානයට ලක් විය. මෙම සාකච්ඡාව හේලීස් මොබිලිටි යූටියුබ් නාලිකාව ඔස්සේද නැරඹීමේ හැකියාව ඇත.

2026 අප්‍රේල් සහ මැයි මාසවලදී ‘සර් ග්‍රැහැම් හෙන්රි‘ කුසලානය වෙනුවෙන් ශ්‍රී ලංකා ටස්කර්ස් කණ්ඩායම සහ නවසීලන්ත 85kg න් පහළ කණ්ඩායම අතර පැවැත්වෙන තරගාවලියේ නිල මෝටර් රථ සහකරු ලෙස කටයුතු කරන්නේද හේලීස් මොබිලිටි ආයතනයයි.

එමෙන්ම, මෙම සංචාරය පුරා කීරන් රීඩ්ගේ පෞද්ගලික රථවාහන සහකරු ලෙසද හේලීස් මොබිලිටි කටයුතු කරයි. ඒ අනුව ඔහුට ලංකාවේ සුන්දරත්වය විඳගනිමින් ආරක්ෂිතව සහ සුවපහසුව ගමන් කිරීමට OMODA සහ JAECOO රථවාහන පෙළ ඔස්සේ පහසුකම් සලසා දී ඇත.

ලංකාවේ රග්බි ක්‍රීඩාව නංවාලීම වෙනුවෙන් හේලීස් මොබිලිටි දක්වන අඛණ්ඩ දායකත්වයේ තවත් එක් පියවරක් ලෙස මෙය හැඳින්විය හැකිය. මීට පෙර පාසල් මට්ටමින් රග්බි ක්‍රීඩාවට අනුග්‍රහය දැක්වූ හේලීස් මොබිලිටි ආයතනය, දැන් ජාතික මට්ටමේ තරගාවලි දක්වා සිය දායකත්වය ව්‍යාප්ත කර තිබේ.