යාපනේට තාප බලය


යාපනය අර්ධද්වීපයේ විදුබල අවශ්‍යතාව සපුරා ගැනිමට නව තාප විදුලබලාගාරයක් චුන්නකම් ප‍්‍රදේශයේ ඉදිකෙරෙමින් පවතී. මේ තාප විදුලි බලාගාරයෙන් මෙගා වොට් විසි හතරක විදුලි බල ධාරිතාවයක් ජාතික විදුලිබල පද්ධතියට එක් කෙරෙනු ඇත. මණ්ඩලයට අනුබද්ධිත පෞද්ගලික සමාගමක් වන ලංකා විදුලිබල ”ලක්දනව්” සමාගම මෙගා-වොට් 8.6  බැගින් වන තාප  විදුලි ජනක තුනක් මෙම ව්‍යාපෘතියට ලබාදී ඇති අතර ව්‍යාපෘතිය සඳහා වැයවන මුදල රුපියල් ලක්‍ෂ 40,000ක් පමණ වේ.