යහපත් අභිප්‍රායයන් හා අයහපත් ආර්ථිකය: කුඩා හා මාධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට ණය දීමේ තීරණවලට මැදිහත් වීමේ අවදානම්



 


ඇඩ්වොකාටා ආයතනයෙනි


පහුගිය සති කිහිපය පුරාවටම පුවත්පත් සිරස්තලවල වැඩි අවධානයට ලක්ව තිබුණේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අසීරු තත්වයන්ට මුහුණ දෙන නමුත් බැංකු සමෘද්ධිමත් වන බවයි. මෙම ප්‍රතිඵලයට බොහෝ දුරට හේතු වී ඇත්තේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර කෙරෙහි බාහිර කම්පනවල බලපෑම නොසලකා හැරීම සහ ණය වෙළෙඳපොළවල් පාලනය කරන වත්මන් ණය දීමේ රාමුය. එවැනි සිරස්තල ණය බලාත්මක කිරීමට තුඩු දෙන නඩුවල සාධාරණත්වය විමර්ශනය කිරීම සඳහා ස්වාධීන ව්‍යවස්ථාපිත යාන්ත්‍රණ ඉල්ලා සිටී. සදාචාරාත්මක හා ආචාරශීලිත්වය සම්බන්ධ අහේතු මත එවැනි අවස්ථා තේරුම් ගත හැකි වුවද, ණය වෙළෙඳපොළවල කෘත්‍රිම මැදිහත්වීම් සඳහා ඉල්ලා සිටීම, විශේෂයෙන් ආර්ථික ප්‍රකෘතියක් හදිසියේ අවශ්‍ය වන අවස්ථාවක, වර්ධනයට ඉඩ සලසන යාන්ත්‍රණවලටම හානි කරන ප්‍රතිපත්ති ප්‍රවර්ධනය කිරීමේ අවදානමක් ඇත.

ණය යනු අපේක්ෂිත අනාගත ප්‍රතිඵල මත පදනම්ව ඔවුන්ගේ වත්මන් ආර්ථික ක්‍රියාකාරකම් සඳහා අරමුදල් සැපයීම සඳහා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට ඇති මාර්ගයකි. එය ආයෝජනය සඳහා, කාරක ප්‍රාග්ධනය ලෙස සහ මුදල් ප්‍රවාහ අස්ථාවරත්වය සුමට කිරීමට භාවිත කළ හැකිය. විශේෂයෙන්ම ආර්ථිකය යථා තත්වයට පත්වෙමින් ඇති කාලවලදී, සමස්ත ඉල්ලු‍ම උත්තේජනය කිරීම සහ ව්‍යාපාර සඳහා සහාය වීම යන කාරණයේදී ණය සඳහා වැඩි ප්‍රවේශයක් පැවතීම තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි.

මෙම මූලාශ්‍ර බොහොමයක් තර්ක කරන අන්දමට පාස්කු ඉරිදා ප්‍රහාර සහ කොවිඩ්-19 වසංගතයේ ප්‍රතිඵලයක් ලෙස පැනවූ සීමා කිරීම්, මුදල් අවප්‍රමාණය වීමට හේතු වූ ආර්ථික අර්බුදය සහ අධික පොලී අනුපාත අස්ථාවරත්වය මෙන්ම දේශගුණික විපර්යාස (උදාහරණයක් ලෙස දිට්වා සුළි කුණාටුව) ශ්‍රී ලංකා ආර්ථිකයේ නිසා ඇතිවූ නිරන්තර බාහිර කම්පනවලට ලක්වීමට පෙර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ශක්‍යව පැවති බවයි. මේ අනුව ණය ලබාදීමට ඔවුන්ට ඇති නොහැකියාව දුර්වල ව්‍යවසායකත්වයට හේතු වී ඇති නමුත් ඔවුන්ගේ පාලනයෙන් ඔබ්බට එවැනි සිදුවීම්වලට නැවත නැවත නිරාවරණය වීම නිසා ඇතිවූවක් සේ සැලකේ. මෙම ප්‍රකාශයේ යම් ගැඹුරක් ඇති අතර, මූල්‍ය හා ණය වෙළෙඳපොළ පාලනය කරන වෙළෙඳපොළ යාන්ත්‍රණ සඳහා මැදිහත්වීම සඳහා වන ඉල්ලීම, එවැනි මැදිහත්වීම් විසඳීමට අරමුණු කරන ගැටලු‍ තවත් උග්‍ර කිරීමට හේතු විය හැකිය.

මෙයට හේතුව වන්නේ ස්වභාවයෙන්ම ණය තුළ අවදානමක් ගැබ්ව ඇති බැවිනි. ණය ආපසු ගෙවීම අවිනිශ්චිත වන අතරම ඒ නිසා සැමවිටම පාහේ ණය පැහැර හැරීමේ සම්භාවිතාවක් පවතී. ණය ගැනුම්කරු, අංශය සහ වේලාව අනුව මෙකී අවදානම වෙනස් වේ. ණයවල පැවැත්ම රඳා පවතින්නේ අවිනිශ්චිතතාව පවතින නිසාමය. එහි ප්‍රතිඵලයක් ලෙස, ණය තීරණ අපේක්ෂිත මුදල් ප්‍රවාහ, ඇපකර, ආංශික අවදානම සහ සාර්ව ආර්ථික තත්ව මත පදනම් වේ. එපමණක් නොව, ආර්ථිකයට බාහිර කම්පන ක්‍රමානුකූලව සැලකිල්ලට ගනු ලැබේ. අවදානම සහ ප්‍රතිලාභ සමතුලිත කිරීම සඳහා පොලී අනුපාත සහ පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම සහ වත්කම් අයකර ගැනීමේ යාන්ත්‍රණ පවතී. අවදානම වැඩිවන තරමට ණයෙහි මිල වැඩි වේ. මෙය අත්‍යවශ්‍ය වන්නේ ණය අසාර්ථක වූ විට, අවසානයේ අවදානමට ලක්වන්නේ තැන්පත්කරුවන් සහ ඔවුන්ගෙන් සමන්විත සමස්ත මූල්‍ය පද්ධතියම වන බැවිනි. බැංකු සතුරු ක්‍රියාකාරීන් ලෙස හුවා දැක්වීමෙන් අනපේක්ෂිත බලපෑම් ඇතිවිය හැකිය. එම නිසා නීති ක්‍රියාත්මක වන්නේ සැම දෙනාගේ ප්‍රයෝජනය සඳහා මූල්‍ය ආයතනවල හැසිරීම නියාමනය කිරීම උදෙසාය.

ශ්‍රී ලංකාව වර්තමානයේ එහි ප්‍රධාන ආර්ථික අර්බුදයකින් ගොඩ එමින් සිටින අතර එවැනි අස්ථිර පරිසරයක, බැංකුවලට තමන්ගේම පැවැත්මට සහ දීර්ඝ වශයෙන් ජාතියේ මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වයට තර්ජනයක් නොවී අවදානම නොසලකා හැරිය නොහැක. මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ප්‍රකාශ කළ පරිදි, “බැංකු පද්ධතිය මෙම මුදලේ භාරකරු වේ. පද්ධතියට යමක් සිදුවුවහොත් මුළු රටේම ඉතිරිකිරීම් අහිමි විය හැකිය”. ජාතික ව්‍යසනවලින් හානි වූ ව්‍යාපාර නැවත ගොඩනැගීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික බැංකුවලින් ලබාගත හැකි සහාය පිළිබඳව දෙසැම්බර් 20 වැනි දින කැන්ඩි සිටි සෙන්ටර්හිදී පැවති මධ්‍යම පළාතේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් දැනුවත් කිරීම අරමුණු කරගත් සම්මන්ත්‍රණයකදී ඔහු මෙම අදහස් පළ කළේය.

මැකිනන් (1973) සහ ෂෝ (1973) විසින් සංවර්ධනය කරන ලද මූල්‍ය මර්දන න්‍යාය, මූල්‍ය වෙළෙඳපොළවල රජයේ මැදිහත්වීම සංවර්ධනය වෙමින් පවතින රටවල ආර්ථික වර්ධනයට බාධා කරන බව තර්ක කරයි. පොලී අනුපාත සීමා, අවදානම් වෙළෙඳපොළ මිලකරණයට බාධා කිරීම සහ ඍජු ණය වැනි රජයේ ප්‍රතිපත්තිවලින් ණය වෙන් කිරීම විකෘති කරයි. මෙම අවස්ථාවේදී, එවැනි මාධ්‍ය ආඛ්‍යාන මගින් සහාය දක්වන මැදිහත්වීම් වෙළෙඳපොළේ ණයට ගත හැකි අරමුදල් සංචිතය අඩු කිරීමේ අවදානමක් ඇති කරයි. එමගින් ඵලදායී ආයෝජන සඳහා ලබාගත හැකි ණය ප්‍රමාණය අඩු කරයි. මෙය රටක ආර්ථිකයේ අවිධිමත් අංශය පුළුල් කිරීමට සහ නීති විරෝධී ණය දීමේ පිළිවෙත් වැඩි කිරීමටද හේතු විය හැක. අනෙකුත් විභව අවාසි අතරට මූල්‍ය බැහැර කිරීම් වැඩිවීම, එහි ප්‍රතිඵලයක් ලෙස විශ්වසනීය ණය ගැනුම්කරුවන්ට සහ පළමුවරට ණය ගන්නා අයට ණය අනුමත කිරීම් ලබා ගැනීමට නොහැකිවීම, එමගින් ආයෝජන ප්‍රමාණය සහ ගුණාත්මකභාවය යන දෙකම අඩු කිරීම, අවසානයේ ආර්ථික වර්ධනය අඩාල කිරීම ඇතුළත් වේ.

ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක සිව්වැනි ස්ථම්භය ලෙස රටක මාධ්‍ය අනිවාර්යයෙන්ම ආයතන අක්‍රමිකතා සඳහා වගකිව යුතුය. කෙසේ වෙතත්, ණය වෙළෙඳපොළවල් සදාචාරය මත පමණක් ක්‍රියාත්මක නොවන බවත් ඒවා ආර්ථික දිරිගැන්වීම් මත පදනම්ව ක්‍රියාත්මක වන බවත් සැලකිල්ලට ගත යුතුය. කෙනකුගේ ආඛ්‍යානය තුළ එක් පැත්තක් දුෂ්ටයකු ලෙස හැඩගැස්වීම ඒත්තු ගැන්විය හැකි නමුත්, මූල්‍ය වෙළෙඳපොළට ඇඟිලි ගැසීම තවත් ගැටලු‍ ඇතිකළ හැකිය. අවසානයේ දී, සාමාන්‍යයෙන් දුක් විඳින්නේ වඩාත්ම අවදානමට ලක්විය හැකි අයයි. එපමණක් නොව, ආයෝජන ප්‍රමුඛ ආර්ථික වර්ධනයක් හදිසියේ අවශ්‍ය වන ශ්‍රී ලංකාව වැනි ආර්ථිකයක වත්මන් සන්දර්භය තුළ, එවැනි ව්‍යාපාරවල අවදානම් උකහා ගන්නා බැංකු සහ මූල්‍ය ආයතන අධෛර්යවත් නොකළ යුතුය. එබැවින්, මහජන කථිකාව ණය වෙළෙඳපොළවල් රඳා පවතින සියුම් සමතුලිතතාවට සහාය දෙන බවත් එය අඩපණ නොකරන බවත් අප සහතික කළ යුතුය.

විමර්ශන මූලාශ්‍ර
Shaw, E. S. (1973). Financial deepening in economic development. Oxford University Press.
McKinnon, R.I. (1973). Money and capital in economic development. The Brookings Institution.