කොළඹ පළමු හරස් වීදීයේ අයි.එන්.එෆ් ඉලෙක්ට්‍රික්ස් හිමිකරු එම්.එල්.එම්. රම්සාන්
දිනෙන් දින වෙනස් වන බිස්නස්වල තතු සොයා බැලීමට කොළඹ කොටුව වෙළෙඳ කලාපයට ගිය ගමනේදී අප ගොඩවැදුනේ කොළඹ කොටුව පළමු හරස් වීදීයේ පිහිටි විදුලි භාණ්ඩ අලෙවිසැලක් වන අයි.එන්.එෆ් ඉලෙක්ට්‍රිකස් වෙතටයි. එහි හිමිකරැ වන එම්.එල්.එම්. රම්සාන් මහතා මේ දිනවල බිස්නස් සම්බන්ධයෙන් දැක්වූයේ මෙවන් අදහසකි.
මේ දවස්වල බිස්නස් කොහොමද?
මම මේ බිස්නස් එක වසර දහතුනක් පුරාවටම කරනවා. මේ දවස්වල නම් බිස්නස් අනිත් දිනවලට වඩා අඩුයි. විදුලි උපාංග වලට පවතින ඉල්ලුම ඉහළ මිල ගණන් හේතුවෙන් අඩුවෙලා තියෙනවා.
බිස්නස් අඩුවීමට බලපෑ හේතූ මොනවාද?
මේ දවස්වල නම් බිස්නස් අඩුවෙන්න බලපාන්නේ මෙතනින් මීටර් සීයක් පමණ දුරින් සිදු වූ ගිනිගැනීමයි. ගිනිගැනීමත් සමග පළමු හරස් වීදීයටම පාරිභෝගිකයන්ගේ පැමීණීම අඩු වුණා. භාණ්ඩ ගැනීමට පාරිභෝගිකයෝ එන ප්‍රමාණය අනුව තමා අපේ බිස්නස් මට්ටම තීරණය වෙන්නෙ. ඊට අමතරව පවතින ආර්ථික මට්ටමත් එක්ක පාරිභෝගිකයන්ට විදුලි උපාංග මිලදී ගන්න හැකියාවක් නෑ. මේ දිනවල පාරිභෝගිකයන්ට අත්‍යවශ්‍ය භාණ්ඩවලට අමතරව වෙනත් අමතර වියදමක් දරන්න අමාරුයි.
පාරිභෝගිකයන් ඉල්ලන අඩු මිලට භාණ්ඩ ලබා දෙන්න අපිට අපහසු වීම තමයි බිස්නස් කඩා වැටෙන්න මූලිකම හේතුව. විදුලි උපාංග විකුණන වෙළෙඳසල් බොහොමයක් අද වන විට විවෘත වී තිබෙනවා. අපේ වෙළෙඳසලට වඩා මිල අඩුවෙන් ඒ තැන්වල තිබුණොත් එම වෙළෙඳසල්වලින් භාණ්ඩ මිලදී ගන්න තමයි පාරිභෝගිකයෝ පුරුදු වෙලා ඉන්නේ. මේ වගේ ප්‍රධාන වෙළෙඳ නගර කේන්ද්‍ර කරගනිමින් ජනතාව අතර ප්‍රසිද්ධ වෙළෙඳසල් විවෘත වීමත් සමග ඒ ස්ථානවලින් විදුලි උපකරණ ගෙවීමේ ක්‍රමයට ලබා ගැනීමට පාරිභෝගිකයෝ පුරුදු වීමත් අපි වගේ මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන්ගේ බිස්නස් අඩු වීමට බලපානවා. තොග විදිහට අපි පාරිභෝගිකයන්ට භාණ්ඩ ලබා දෙන නිසා මේ අවුරුද්ද අවසානයේදී නත්තල් සීසන් එකත් එක්ක බිස්නස් නැවතත් වැඩිවෙයි කියලා බලාපොරොත්තුවක් තිබෙනවා.
චතුමාලී විජේරත්න
ඡායාරූප : ගයාන් අමරසේකර