විමුක්ති එස් රුද්‍රිගු
මූල්‍ය සාක්ෂරතා මාසය ඊයේ (10) ආරම්භ වූ බවත්, එය මෙරට පුද්ගලයන්ට සහ ව්‍යාපාරවලට දැරිය හැකි මුදලකට මූල්‍ය සේවා ලබා ගැනීමට හැකියාව ඇති කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ගමන් මාර්ගයේ සන්ධිස්ථානයක් සනිටුහන් කරන බවත් ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළේය.
මෙම මුල පිරීම මූල්‍ය සාක්ෂරතා මාර්ග සිතියම යටතේ ආරම්භ වන බවත්, එය මූල්‍ය සාක්ෂරතාවෙන් යුත් ශ්‍රී ලංකාවක් ඇති කිරීමේ දැක්මට අනුකූල බවත් මහ බැංකුව පැවැසුවේය.
සාක්ෂරතා මාසයේදී මූල්‍ය සාක්ෂරතාව පිළිබඳ පුළුල් සාකච්ඡා විද්‍යුත් සහ සමාජ මාධ්‍ය ඔස්සේද, රේඩියෝව ඔස්සේද විකාශය වනු ඇති බවත්, අධ්‍යාපනික වීඩියෝ පටද සමාජ මාධ්‍ය ඔස්සේ විකාශය වනු ඇති බවත් මහ බැංකුව ප්‍රකාශ කළේය. එසේම මූල්‍ය සාක්ෂරතා මාසයේදී මෙරට ජනතාවගේ මූල්‍ය සාක්ෂරතාව වැඩි දියුණු කිරීම සඳහා වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක වනු ඇති බවද මහ බැංකුව පැවැසුවේය.