මිලින්ද හේවාගම කිංග්ස්බරි අධ්‍යක්ෂ මණ්ඩලයට


හේලීස් සමූහයට අයත් කිංග්ස්බරි හෝටලයේ නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස තුෂාර මිලින්ද හේවාගම මහතා පත් කරගත් බව සමාගම පවසයි. ඒ අනුව 2025 අප්‍රේල් 28 වැනිදා සිට බලාත්මක වන පරිදි ඒ මහතා සමාගමේ විධායක නොවන අධ්‍යක්ෂවරයකු ලෙස පත් කරගෙන තිබේ. 

මෙම පත්වීම ලබන අවස්ථාව වනවිට හේවාගම මහතා හේලීස් සමූහයෙහි ප්‍රධාන මූල්‍ය නිලධාරිවරයා ලෙසද කටයුතු කළේය. ඒ මහතා සමූහයෙහි මූල්‍ය සහ වාර්තාකරණය, පාරිසරික, සමාජයීය සහ පාලනය (ESG), බදු, අවදානම සහ සුරක්ෂිතතාව යන කාරණා සම්බන්ධයෙන් වගකීම් දැරූ නිලධාරියා බව සමාගම පවසයි.