පාත්ෆයින්ඩර් පදනමේ නිර්මාතෘ මිලින්ද මොරගොඩ මහතා ඉන්දීය මුදල් අමාත්‍ය එස්. නිර්මලා සීතාරාමන් මහත්මිය පෙරේදා (01) නව දිල්ලියේ පිහිටි මුදල් අමාත්‍යංශයේ දී මුණ ගැසුණි. ඉන්දීය නායකයන් හා ප්‍රතිපත්ති සම්පාදකයන් මුණ ගැසී ද්විපාර්ශ්වික වැදගත් කරුණු සාකච්ඡා කරනු ලබන පාත්ෆයින්ඩර් පදනමේ ක්‍රියාත්මක වැඩ පිළිවෙළෙහි කොටසක් වශයෙන් මෙම හමුව සිදු වී ඇත.
ලෝක ආර්ථිකය දැනට මුහුණ පා සිටින කැළඹිලිකාරී ස්වභාවය සහ එයින් පැන නැගෙන බාධා හේතුකරගෙන දකුණු ආසියාවට ඇතිවිය හැකි බලපෑම ගැන මෙම හමුවේ දී අදහස් හුවමාරු කරගෙන තිබේ. ගෝලීය අභියෝග ඉදිරියේ ඉන්දීය ආර්ථිකය ස්ථාවර කිරීමට අගමැති නරේන්ද්‍ර මෝදි සහ මුදල් ඇමැතිනිය ගෙන යන ක්‍රියාමාර්ග අගය කරන ලද මිලින්ද මොරගොඩ මහතා එම ක්‍රියාමාර්ග කලාපයේ ස්ථාවරත්වය හා ආර්ථික වර්ධනයට ධනාත්මක වශයෙන් බලපා ඇති බව ද මෙහි දී ප්‍රකාශ කර ඇත.
මිලින්ද මොරගොඩ ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් අතර හමුවක්
Recommended Articles