කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු දත්ත සලකා බලන පසු ඊයේ දිනයේ පවා මිල දී ගැනීමේ උනන්දුව සියයට 61.5 ක වැනි ඉහළ ප්‍රතිශතයක පැවැතිණ. පසුගිය සැප්තැම්බර් මාසයේ මැද භාගයේ සිට අවසානය දක්වා අඛණ්ඩව වෙළෙඳපොළ දර්ශක වර්ධනයක පසුවිය. ඔක්තෝම්බර් අලුත් මාසය තුළ නැවුම් අපේක්ෂා ඇතිකරමින් තිබේ.
ණයකර සහ වරණීය කොටස් නිකුතු අවස්ථාවල ඉතා හොඳ ඉල්ලුමක් පසුගිය මාස හය තුළ පැවැති අතර එය ඉදිරියේ දී තවත් තහවුරු වනු ඇතැයි සැලකේ. මහ බැංකු ප්‍රතිපත්ති පොලී අනුපාත නොවෙනස්ව පවතින අතර කොටස් වෙළෙඳපොළ ගනුදෙනුවලින් ලබාගත හැකි ප්‍රතිලාභ සලකන පසු මෙම තත්වය අඛණ්ඩව පැවැතිය හොත් ඉදිරි මෙම මාසයේ මුල් සතිය තුළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 22,000 ඉක්මවීමට පසුබිමක් නිර්මාණය වී තිබේ. ඊයේ (සැප්. 30) ගනුදෙනු අවසන් වනවිට සියලු කොටස් මිල දර්ශකය ඒකක 21,781.08 ක් දක්වා ඉහළ ගියේය. එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 104.78 ක වර්ධනයකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 6,127.65 ක් වශයෙන් විය. පෙර දිනයට සාපේක්ෂව දර්ශක 8.44 ක ඉහළ යාමක් සේවාර්තා වේ. දෛනික පිරිවැටුම රුපියල් බිලියන 6.72 ක් ලෙස සඳහන්ය. වාර්තා වූ ගනුදෙනු ප්‍රමාණය 38,674 කි. හුවමාරු වූ කොටස් ප්‍රමාණය මිලියන 154.78 ක් විය. සමාගම් 147 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහත වැටුණ සමාගම් ගණන 98 කි. දිනයේ ගනුදෙනු අවසන් වන භාගයේ දී මිල දී ගැනීමේ උනන්දුව ස්ථාවර භාවයකට පැමිණි ආකාරයක් නිරීක්ෂණය කළ හැකි විය. අද දිනයේ දී ද තෝරාගත් සමාගම්වල කොටස් කෙරෙහි වැඩි අවධානයක් අපේක්ෂා කළ හැකිය. කෙසේ වෙතත් මිල දී ගත් කොටස් විකිණීමට ආයෝජන අංශ ඉදිරිපත්වීමට ඇති ඉඩකඩ ද බැහැර කළ නොහැකිය.
ප්‍රාග්ධන භාණ්ඩ, වාණිජ සේවා, ගෘහ නිෂ්පාදන, සන්නිවේදන සේවා, සහ පාරිභෝගික ද්‍රව්‍ය යන ක්ෂේත්‍රවල කලින් දිනයේ පිබිදීම තරමක අඩුවීමක් නිරීක්ෂණය කළ හැකි විය. මෙම සතිය පුරා විදේශ ආයෝජන අංශවල විකිණීමේ ප්‍රවණතාව ඉතා පැහැදිලිව නිරීක්ෂණය කළ හැකි වූ අතර එම කොටස් දේශීය සුළු හා ආයතනික ආයෝජකයන් අතට පත්ව තිබේ.
නිරීක්ෂක
මිල දී ගැනීමේ උනන්දුව තවදුරටත් ආරක්ෂා කරගැනේ
Recommended Articles