භානුක අමරසිංහ
ලොව පළමු කෘත්‍රිම බුද්ධි බැංකුව එළිදැක්වීමට මැලේසියාව පසුගිය දා කටයුතු යොදා තිබුණි. Ryt Bank ලෙස නම්කර ඇති මෙම බැංකුව එරට YTL Group සහ Sea Limitedයන සමාගම්වල එකමුතුවෙන් ස්ථාපිත වී තිබේ. එය සතුව ඉතුරුම් තැන්පතු, ගෙවීම්, ණය ලබා ගැනීම්, බැංකු කාඩ්පත් ඇතුළු සේවා ලබා දෙන බව පැවසෙයි.
මෙම බැංකුව මැලේසියානු මධ්‍යම බැංකුව වන Bank Negara Malaysia මගින් නියාමනය කරනු ලබන අතර, එය PIDM(Perbadanan Insurans Deposit Malaysia) හි සාමාජිකයකු වන නිසා, එහි තැන්පතු සඳහා රින්ගිට් 250,000 ක් දක්වා වන ආරක්ෂාවක්ද ලැබෙන බව සඳහන් වෙයි.
මැලේසියාව ලොව පළමු කෘත්‍රිම බුද්ධි බැංකුව එළිදක්වයි
Recommended Articles