මාස 28 කට පසුව ඩොලරයක් රුපියල් 322 ඉක්මවයි


එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ වටිනාකම තවදුරටත් අවප්‍රමාණය වෙමින් ඩොලරයක අලෙවි මිල ඊයේ (28) දිනයේදී රුපියල් 322.75 ක් ලෙස සටහන් වූ බව මහ බැංකුව නිවේදනය කළේය. මෙහිදී ඩොලරයක ගැනුම් මිල රුපියල් 314.99 ක් විය.
මෙලෙස ඩොලරයක වටිනාකම රුපියල් 322ක ඉක්මවූයේ මාස 28 කට පමණ පසුව වීමත් විශේෂත්වයකි. 2023 වසරේ දෙසැම්බර් 23 වැනිදා ඩොලරයේ වටිනාකම රුපියල් 322.29 ක් ලෙස සටහන්ව තිබුණි.