මාර්තු පළමු සතියේ දෙවැනි දිනටත් කොටස් වෙළෙඳ පොළ පහළට


මාර්තු මාසයේ පළමු ගනුදෙනු සතියේ දෙවැනි දිනටත් කොළඹ කොටස් හුවමාරුවෙහි දර්ශක අගයන් පහළ වැටීමක් පෙන්නුම් කළේය. ඒ අනුව සියලු‍ කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 15,870.25ක් අගයක් ගත් අතර එය, පෙර දිනයට සාපේක්ෂව ඒකක 297.05ක එනම් සියයට -1.84ක පසු බැසීමකි. 

එසේම ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රීලංකා 20 දර්ශකයත් ඒකක 4,748.99ක් ලෙස සටහන් වූ අතර, එය පෙර දිනයට සාපේක්ෂව ඒකක 78.22ක එනම් සියයට -1.62ක පසු බැසීමකි. ඊයේ දිනය තුළදී කොටස් 77,254,902ක් ගනුදෙනු වූ අතර, සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 2.4ක් විය. මෙය දින හයකට පසුව වාර්තා කළ ඉහළම පිරිවැටුම ලෙසත් සැලකෙයි.