මහජන බැංකුව Mini POS වෙළෙඳ ගෙවීම් විසඳුම හඳුන්වා දෙයි


මහජන බැංකුව මූල්‍ය අන්තගර්තභාවය ^Financial Inclusion) ශක්තිමත් කිරීම සහ ජාතික ඩිජිටල් ආර්ථික සැලැස්මට සහාය වීම අරමුණු කරගනිමින් සිය Mini POS වෙළෙඳ ගෙවීම් ක්‍රමය පසුගියදා හඳුන්වාදෙන ලදී.
මෙය හඳුන්වා දීමේ උත්සවය පීපල්ස් කාඩ් මධ්‍යස්ථානය සහ ලිබර්ටි ප්ලාසා ශාඛාව එක්ව සංවිධානය කළ අතර, ගනුදෙනුකරුවන් වෙත Mini POS පිරිනැමීමද මෙහිදී සිදුකෙරිණි.
මෙම Mini POS සේවාව අවම පිරිවැයක් සහ පහසු ප්‍රවේශය සහිත විසඳුමක් වන අතර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සහ ක්ෂුද්‍ර වෙළෙඳ අංශ ඩිජිටල් කාඩ්පත් හරහා ගනුදෙනු කිරීමේ පහසුකම හා ඒකාබද්ධ කිරීම සඳහා මෙය විශේෂයෙන් නිර්මාණය කර ඇත. මෙය සරල මෙහෙයුම් ක්‍රියාවලියකින් යුක්ත වන අතර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් වෙත සිදුකරන ගෙවිම් කාඞ්පත් මගින් බාධාවකින් තොරව කිරීමේ හැකියාව සැලසේ.
Mini POS සේවාව වෙළඳපොළේ අවම මාසික ගාස්තුවක් සමඟ පිරිනමන අතර, පද්ධතිය ස්ථාපනය කිරිම සහ පුහුණුව ලබාදීම මහජන බැංකුව විසින් නොමිලේ සිදුකරයි. විද්‍යුත් සහතික කිරීමේ සහ ඩිජිටල් රිසිට්පත් වලින් සමන්විත මෙම ක්‍රමවේදය, කඩදාසි භාවිතයෙන් තොර පරිසරයක් නිර්මාණය කිරීම සඳහාද හේතු වනු ඇත. වෙළෙඳ අවශ්‍යතා වෙනුවෙන් අඛණ්ඩව පහසුකම් සැලසීම සඳහා වසරේ දින 365 පුරාම ක්‍රියාත්මක වන මෙහෙයුම් ක්‍රියාවලියත් සමග, පසු දිනම (නිවාඩු දිනද ඇතුළුව) අදාළ මුදල් නම් කරන ලද ගිණුමට බැර කරනු ලබයි. ගනුදෙනුකරුවන්ට ඕනෑම මහජන බැංකු ශාඛාවකින් හෝ කාඩ්පත් මධ්‍යස්ථානයට පැමිණ Mini POS විසඳුම සඳහා ඉල්ලු‍ම් කළ හැකිය.